Pages

Wednesday, January 18, 2012

2012 ජනවාරි 18

දවස් දහ අටකට පසු
දැනෙනවාද අලුත් සුළඟක වගක්
ගම් බිම් පෙරළා ගෙන එන පරණ හීගතුව මිස
නොදැනෙන්නේ මන්ද නැවුම් පුස්ඹක්

ප්ලාස්ටික් කූඩ ඒ අතර මැද ඊටිඒෆ් පණත
ඉන්දියාවෙන් ඇවිත් දහතුන ගැන කතා
අධ්යායපනය නොවිකුණව් - කඳුලු ගෑස්
හැප්පිලා තුවාලයි ඉස්කෝලෙ දරුවන්

අයිඑම් එෆ් එකත් එන්න සූදානම්
සුදුලූනු බදු වැඩි කරලා සිනි එක්කම
පඩි වැඩි කරව් තර්ජන එතැනින් මෙතැනින්
දොරින් දොර සොයයි දරුවන් අගුලුලා සරසවිය

කොල පාට රතුපාට නිල්පාට උන් උනුන්
එකිනෙකා අලුත් සුළඟකට ඉඩ නොදී අවුරයි
දැල් බඳියි මග සිඳියි නයුවෙකු එතැයි
කගින් අතු පතර බිඳ - එන සුළඟ වළකනු පිණිස

හිතුවක්කාරයා