කෙත් වතු පාලු කරමින
නිසි කල වැසි වැටෙන
දූ දරුවන් තෙමන
හිමි - කරවටක් බැස ගෙදර එන
අසෙනි ඉල්ලා යාදිනි යදින
තැන - තැන හෙණ ගෙඩි පුපුරන
සුදු මුදු දුම් පතුරවමින්
සෙත් පතන - දිග් විජය ඉල්ලන
බණ දෙසන මුත් බණ නොඅසන
දන මන අනුව වැඩ කෙරෙන
බව පෙන්වන නමුදු- කිසිවිටෙක
උන් විනා පෑගෙන අප නොතකන
කෙත් වතු සාර වුව
බව බෝග සැප සම්පත් පැතිරෙත
කුරා කුහුඹුවෙකු ද නොනසන
මනරම් දිවයින එව කව බොව නටව
හිතුවක්කාරයා
Monday, November 29, 2010
Friday, November 26, 2010
ජ්‍යෙශ්ඨ නායකයා
අනේ අපිටත් රජෙක් හිටියා නං
සෙමර සලංඤ
මෙහෙවර කරංඤ
හත් දොහක් තනි රකිංඤ
හිත විකාරයි වගේ .....
ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකි
රට ගියත් - ගමින් ගම ඇවිද්දත්
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති
- හිතුවක්කාරයා
සෙමර සලංඤ
මෙහෙවර කරංඤ
හත් දොහක් තනි රකිංඤ
හිත විකාරයි වගේ .....
ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකි
රට ගියත් - ගමින් ගම ඇවිද්දත්
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති
- හිතුවක්කාරයා
Sunday, November 21, 2010
අපේ කාලයේ වීරයා ගේ කතාව
පාන් කන්නත් එපා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං
බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා
ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා
පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු
-හිතුවක්කාරයා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං
බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා
ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා
පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු
-හිතුවක්කාරයා
Thursday, November 18, 2010
අන්තරේ නෙවෙයි අනතුරේ
විශ්ව විද්‍යාලයේ අරගල
අනේ අපි නෙවෙයි
කියන්නට කලින්
අන්න එහෙමම
ගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නම
හිතුවක්කාරයා
අනේ අපි නෙවෙයි
කියන්නට කලින්
අන්න එහෙමම
ගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නම
හිතුවක්කාරයා
Thursday, November 11, 2010
පදවි පරා ප්ති පුණ්යානනුමෝදනා
හෙල්පිං හම්බන්තොට -කියා හංවඩු ගසද්දී
මිනිසුන්ගේ හිත දිනූ මිනිසාය
තැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවා
හද ගිනි නිවූ දේශයේ මහරජාණන්ය
මහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණි
සිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවාය
රට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දී
නිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයාය
පරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහා
සිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතිය
දරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳ
නිබඳ දුක සැප සොයන නිරිඳාය
ඔහු කෙරේ පක්ෂපාතීන් වට වී දරු රකින ලෙද
අසැබි වෙබ් - මඩ නාන විට සිනාසෙන සේය
බේද හැර එක රටක්- එක දේශයක් බව කියත
එද සියලූ පක්ෂ බිඳ තම බලය පතුරවන වෙර ගනිත
යුධ අධිකරණ පනවන බව කියා එඩි නසන මුත්
ලොව පුරා අබිමානයෙන් සැරිසරන ලකිසුරුය
රුහුණු රට මුහුදු තෙර කළඹවා වෙන වරායක් තැනූ
එහි පළමු නැව යවා කුරහනින් සනසවන මිනිසාය
අත්තල නගා හිනැහුන දනන් වෙත රවා නොසැලී
මත්තල ගුවන් තොට ඉදි කර එයින් නැගෙනා -නරපතිය
මතට තිත බව කියා හෙළ උරුමය සමග රට ම කැළඹීය
ඒ හෙළ උරුමයම කැසිනෝ වෙනුවෙන් බිලිදුන් නායකයාය
එහි මහා සෝබනයක් ඇතැයි කීවත් නොසැලෙනා සේ
ගමින් ගම යමින් දුගී දන වෙත නැමී දුක අසන දිනිදාය
මම මටය මමම හැර වෙන යමෙකු නැති වෙන ලෙසට
දහ අට ගෙනා එහි ජය අතට ගත් ජනපතිය
මෙවැනිම ගමන්ආමර් වීදිය තෙක් ගිය රජුන් දැක
මහ මග කිරිබත් පිසූ දන වෙසෙන රට ම බව දන්නීද?
-හිතුවක්කාරයා
මිනිසුන්ගේ හිත දිනූ මිනිසාය
තැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවා
හද ගිනි නිවූ දේශයේ මහරජාණන්ය
මහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණි
සිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවාය
රට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දී
නිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයාය
පරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහා
සිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතිය
දරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳ
නිබඳ දුක සැප සොයන නිරිඳාය
ඔහු කෙරේ පක්ෂපාතීන් වට වී දරු රකින ලෙද
අසැබි වෙබ් - මඩ නාන විට සිනාසෙන සේය
බේද හැර එක රටක්- එක දේශයක් බව කියත
එද සියලූ පක්ෂ බිඳ තම බලය පතුරවන වෙර ගනිත
යුධ අධිකරණ පනවන බව කියා එඩි නසන මුත්
ලොව පුරා අබිමානයෙන් සැරිසරන ලකිසුරුය
රුහුණු රට මුහුදු තෙර කළඹවා වෙන වරායක් තැනූ
එහි පළමු නැව යවා කුරහනින් සනසවන මිනිසාය
අත්තල නගා හිනැහුන දනන් වෙත රවා නොසැලී
මත්තල ගුවන් තොට ඉදි කර එයින් නැගෙනා -නරපතිය
මතට තිත බව කියා හෙළ උරුමය සමග රට ම කැළඹීය
ඒ හෙළ උරුමයම කැසිනෝ වෙනුවෙන් බිලිදුන් නායකයාය
එහි මහා සෝබනයක් ඇතැයි කීවත් නොසැලෙනා සේ
ගමින් ගම යමින් දුගී දන වෙත නැමී දුක අසන දිනිදාය
මම මටය මමම හැර වෙන යමෙකු නැති වෙන ලෙසට
දහ අට ගෙනා එහි ජය අතට ගත් ජනපතිය
මෙවැනිම ගමන්ආමර් වීදිය තෙක් ගිය රජුන් දැක
මහ මග කිරිබත් පිසූ දන වෙසෙන රට ම බව දන්නීද?
-හිතුවක්කාරයා
Subscribe to:
Posts (Atom)