අප්ප පැන්නෙ ජනේලයෙන්
පුතා දොරෙන් එයාර් ලයින්
අපේ දරුවො මහ පාරෙන්
යන්නේ විදු නැන ඉල්ලන්
වෙන්නේ තෙල මෝරන කොට
බලය ඉහට නැග ඇති විට
වතුරත් නැති බඩ ගින්නට
කඳුළු ගෑස් අපේ උන්ට
එකෙක් දෙකෙක් නම් හදලා ගන්නයි
දෙකක් තුනක් ඇනලා මකවා ගන්නයි
රජෙක් මිසක් නහයක් නැති බව පෙන්නයි
හුඟක් පවක් කළ ජනයිනි විඳ වන්නයි