රට රස්සා කරන පංචායුද බලවේගේ
තිරිකුණාමලය අතර යන එන අතර මගේ
හදවත හිර වුණේ ඇයිදැයි සොයනු රගේ
අතරමං බව පෙනේ කතරක නිරුවතින් වගේ
ඉන්නේ ආණ්ඩුවෙ බල ගතු තනතුරක
පක්සය එක තැනෙක තනතුර තව තැනෙක
තනතුර මිසක් පක්සය රැක ගනු නොහැක
ඒ ගැන හිත හිතා හිත ලෙඩ වුන ලෙසක
පලාත් සභා තරගෙට පක්සයෙන් දැමූ
කොඩිය ලෙල දෙවා රට තොට නමක් දිනූ
තරුණා කැපී සන්ධානය පෙරට පිනූ
ගමනින් පෙනේ අසුබය පෙරමග ලකුණු
නැගෙනහිර පලාත් සභා තරගය තියුණුයි
දිනුවොත් මග නසී නැතුවත් ගෙදර නසියි
සන්ධානය දිනවන්න කළ යුතු කතා රැසයි
ගිය ගමනත් නොගිය ලෙද හැරවුණ හැටි කදිමයි
පාදඩ දේශපාලනයක සලකුණ දකිනා හින්දා
සුර සැප සහිත මග මිස නැත පංතිය පෙරදා
පක්ෂය - සන්ධාන රැක කට වට වැට බැන්දා
හදවත ලෙඩ - දුර ගමන වලකන ලද්දේදැයි මන්දා
- හිතුවක්කාරයා
1 comment:
ඕකයි උනේ එහෙනම්.. හ්ම්ම්. අර මොකක්ද ඒක හංගගෙන අනිත් දෙකෙන් කෙලින කෝකටත් ඕක තමයි ඉතින්..
Post a Comment