පණේ බය තියා ගොඩ මුහුදට බැහුම
උනේ අපිට විපතකි මහසෙන් මහිම
අනේ අපොයි කියනා ජනයිනි රටම
විනේ අපිට කොට උන් දුක දන්නේ කොහොම
වනේ හතුරෙකුටවත් නොවෙනා ලෙසට
සෙනේ බැඳි හිමි ගිහින් දියැවී කරදියට
පෙනේ වෙන විපත් දුක උහුලන අපට
දිනේ ඇවිත් ඇත වෙරළට වී වැලපෙන්ට
දැනේ වියෝදුක හිත යට පුපුරන්න
හෙණේ වගෙ ඇවිත් මෙ ලෙස පල දෙන්න
ගුණේ කාලයට නැති පණ නල යළි එන්න
ඉනේ රෙදි ලිහා දෙවියනි දෙස් දෙන්න
2 comments:
Ela
කාලෙට ගැලපෙන සරළ කවියක්...
Post a Comment