සුවෙන් සිටින්නේ
දැයි හෙමිහිට අසමි
අපිත් විරසකව
සිටි වග නොම කියමි
අලුත් යුගයකට ඇතුලත්
වග දක්වා
අයිඑම්එප් අපි
අත්වැල මම දිගු කරමි
හොදට ඇද පැළැද
බොත්තම් ලා නිසින
සෙලෙස්කින් ලෙසින්
උරුවම් හඩ නොගෙන
ඉතින් තරව අත
අර ගෙන හුරු ලෙසින
මම ද සිටිමි තෙක්
නුඹ අත කරවට දාන
රට ඉමහත් කල් ගොස්
වැනසී තිබුණි
බොහො සේ බස් කියා
අත යට දිනුම විණි
බොනිකර
තරුවක්ය යන වග කියැවෙන්ණි
අපෙ සතුරන්ය උහු
බලයට කෙළ පැමිණි
ඉන්දියාවටත්
චීනයටත් නොදුන් මම
ඔබ හමුවේ සිටගත්තෙමි
නැතිව වම
ඉදින් වෙතොත් සිරිලක
තිරසර තරම
දණින් වැටෙනු
හැර යැංකිය නැත වෙනම
No comments:
Post a Comment