ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්ද
මහින්ද ආචාර්ය පදවිය දිනාගත්තේ හිතේ වීරියත් සමග එකතු වූ වාසනා ගුණ මහිමය ඇතිවය. යුද්ධය දිනා දුන් පසු ඒ දිනා ගත්තේ කොහොමදැයි කොපියක් ලියූ තවත් මහින්ද කෙනෙක් ආචාර්ය පදවිය දිනා ගත්තේය.
ජනපරි දියතාව එක සේ ආරක්ෂා කරගන්නට තරම් උපායශීලී ආචාර්ය මහින්ද පිට පිටම දෙවතාවක් තනතුර ආරක්ෂා කර ගත්තා පමණක් නොව ව්යපවස්ථාවට සංශෝධන ගෙන එමින් ජීවිතාන්තය දක්වා බලයේ ඉන්නට අවස්ථාව හදා ගත්තේය. කවුරුත් එයට විරුද්ධ වන්නට අසමත් වූහ. විරුද්ධවාදීන්ට කටක් අරින්නට ඉඩ නොදී තමන්ට උවමනා දේ කර ගැනීම ආචාර්ය මහින්ද ගේ සමත් බවකි.
මහින්ද ගෙදර යවන්නට තවත් මහින්ද කෙනෙකුම බිහිවිය යුතුය. ගිය නුවන ඇද ගත යුතු ඇතුන් ලවාය. ගසක් නසන්නට ගසක් ම අවශ්යහය. අපි නැති වන්නේ අපේ රැහේ එකෙකු නිසාමය. මහජනතාවගේ හිත පතුලේ නිධන් වන්නට මහින්ද කළේ තිස් අවුරුද්දක් තිස්සේ පැවැති තරුල ස්තවාදය අවසන් කිරීමේ තීන්දුව ගැනීමයි. එය හුදෙක් තනි තීරණයක් ම නොවේ. එයට පොළඹවන ලද නොයෙකුත් කරුණු කාරණා එයට සහසම්බන්ධය. ඒත් ආචාර්ය මහින්ද නොවුනා නම් අදත් මහජනතාව ඉන්නේ බයෙන් සැකෙන් බව නොකියා නොහැකිය.
ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මෙන් තිස් හතලිස් අවුරුද්දක් බලයේ ඉන්නට ආචාර්ය මහින්ද සමත් වුවහොත් බලය අල්ලා ගන්නට බලාගෙන ඉන්නා හැම දෙනාගේම සිහින බොද වෙයි. මේ නිසා ගහ නසන්නට අල්ලා ගත යුත්තේ රැහේ ම කෙනෙකි.
ආචාර්ය මහින්ද ඒ කාරණය හිතට ගෙන ඇත. නොදන්නා තැනකින් නම ගම වාසගම නැතිව දුන් ආචාර්ය මහින්ද බලයෙන් පහ කිරීම හෙවත් ජනප්මරිය තාවයෙන් බිංදුවට ඇද දැමීම ආචාර්ය මහින්ද ගේ අභිපරාජන යාත්මක කුමන්තරබිංණය වී ඇති බව පෙනේ.
ආචාර්ය මහින්ද සිංහල බෞද්ධ නායකයෙකි. කූල්ටූර් සංස්කෘතියට එය ඇහැට ඉදිකටු අනින්නාක් වැනිය. මහින්ද ගේ ඇගේ ඇති සිංහල කම පන්සලට අදින ගතිය නැති කළ හැක්කේ සිංහල බෞද්ධ මුදුන් මුලට පොරව පහරක් එල්ල කිරීමෙන් පමණකි. ආචාර්ය මහින්ද ඒ ගැන දැන ගෙන ඇත්තේ නිල කබායේඇති පුදුමාකාර ඉවෙන්බව පෙනේ.
ඔහු ඒ සදහා තෝරා ගත්තේ අවුරුද් එකසිය විස්සක ඉතිහාසයක් ඇති බෞද්ධ කාන්තා විදුහලකි. නිදහස් සටනේ පුරෝගාමීන් ආරම්භ කළ අදටත් ශික්ෂණයෙන් යුතු බොදු කාන්තාවන් තනන මේ විදුහල ඇත්තේ කොළඹ නගරය මැදය. එහි දරුවන් අට දහසකට වඩා ඉගෙන ගනිති. ඒ දරුවන්ගේ දෙමාපියෝ බොදුනුවන්ය. එපමණක් නොවේ. සමාජයේ මතයක් පතුරවන්නට හැකි මධ්යනස්ථව සිතන කණ්ඩායමකි.
දැන් මාස කිහිපයක සිට මේ පාසලේ දරුවන් ගන්නට එන දෙමාපියන්ගේ වාහන වලට පාසල ඉදිරිපිට අවට හා ඒ මාර්ගයේ කොතැනක හො වාහනය නවතා දරුවන් ගන්නට ඉඩ දෙන්නේ නැත. පසුගිය දහ අට වැනිදා පාසල් බස් වලටවත් දරුවන් ගැනීමට නතර කරන්නට ඉඩ දුන්නේ නැත. නතර කර තිබූ වාහන වලට දඩ ගැසූහ. අතින් කටින් බෑග් උස්සාගත් දරුවෝ තම පාසල් බස් හොයමින් නගරය පුරා සැරිසැරූහ. එදා පමණක් නොව දැන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ සතියකට දෙතුන් වරක් මේ මියුසියස් විදුහල ඇති පරක් ධාන මාර්ගයක් නොවන අතුරු පාරේ නවතා ඇති සියලූම පාසල් වාහන දෙමාපියන්ගේ වාහන වලට දඩ කොළ නිකුත් කරති.
මියුසියස් විදුහල පෙනෙන මානයේ ඇති මුස්ලිම් පල්ලියට සිකුරාදා යාඥා වෙනුවෙන් දෙන ඉඩ හිතන්න. වර්ණ සංඥා අකරි ය ය කරයි. පාරේත් පදික වේදිකාවේත් වාහන ගාල් කරයි. ගංගාරාමයේ පෙරහර දා එහෙම ඉඩක් දෙන්නේ නැත. ආගම් බේධයක් නොවේ. මේ අපට පෙනෙන ආචාර්ය මහින්ද ගේ න්යාේය පතරය. යයි. මියුසියස් විදුහලට ඇති බාධා රෝයල් විදයාලයට නැත. එහි සිංහල බෞද්ධ බලවේගයක් නැතැයි කීම වැරැදිය. එහෙත් එහි ඇත්තේ මිශර න සංස්කෘතියකි. රෝයල් සංස්කෘතියට බාධා සිදුවීම මහින්ද අරාජික කරන්නක් නොවේ. එහෙම දෙයක් වුනොත් රිදෙන්නේ කොල්ලූපිටියේ සංස්කෘතියට මිස රුහුණට නොවේ. අගමැති කාර්යාලය අසල දහවල් පාසල් අවසන් වන අවස්ථාවේ දී ඇති ඉඩ ගැන නිරීක්ෂණය කරන්න. ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාවතේ පරීක්සිද්ධියේ වාහන නතරකර දරුවන් ගන්නා සංස්කෘතිය ගැන අවධානය යොමු කරන්න. ඒවාට දඩ කොළ ලිවීමෙන් සිංහල බෞද්ධ බලවේගය කළකිරීමට පත් නොවේ. එයින් ආචාර්ය මහින්ද ගෙදර යවන සේව නූල පත්තු වන්නේ නැත.
ආචාර්ය මහින්ද බටහිර ගැත්තෙක් නොවේ. ඔහු ඉන්දියාවට අත දිගු කරයි. ඒ අතරවාරයේ චීනය සමග අත්වැල් බැද ගනී. ඇමරිකාවට යන්නේ බෙහෙත් ගන්නටය. ඉරානය ලෙන්ගතු මිතුරෙකි. චීන ලංකා මිතු දම කොතරම් ද යත් එය ආචාර්ය මහින්දගේ ගමනට උදවු කරන හිතෛශීවන්තයාගේ තැන අරගෙන තිබේ. ආචාර්ය මහින්ද මේ ගැන ද දනී.
පසුගිය පෙබරවාරි දහ වැනිදා චීනයෙන් පැමිණි සංස්කෘතික කණ්ඩායමක් කොළඹ ටවර් රගහලේ සංදර්ශනයක් ඉදිරිපත් කළේය. එය බලන්නට ආ හැම දෙනෙකුම වාහන ගාල් කළේ ටවර් රගහල ඉදිරිපිටය. කාලයකට පසු අලූත්වැඩියා කර ඇති රගහලේ විචිතර්ඩ වත්ව තිබූ දර්ශනය නිමවා රාතරීය වාහනය ගන්නට පැමිණි හැම රියැදුරෙකුටම උසාවි නියෝග නිකුත් කරන්නට ආචාර්ය මහින්දගේ මරදාන පොලීසිය කිර නියා කළේය. පොලිස් පොඞ්ඩෝ කියා සිටියේ අපට කරන්න දෙයක් නෑ - ලොක්ක දෙන ඕඩර් කියමින් තම රාජකාරිය කරමින් - ටවර් රගහලේ චීන ලංකා මිතු දම කිළිටි කළ ආචාර්ය මහින්ද එයින් ඔබ්බේ පංචීකාවත්ත දක්වා වාහන ගාල් කර ඇති රියැදුරන්ට කිසිම දඩ කොළයක් නිකුත් කළේ නැත. ටවර් හා එල්පින්ස්ටන් රගහල් වල වෙනදා වෙනත් විකාර නාට්යැ දකින්නට එන පේක්ෂකයන්ට මෙයට පෙර දඩ කොළ නිකුත් කර නැත. චීන ලංකා සංස්කෘතික දැක්ම ආචාර්ය මහින්දගේ තියුණු ඉවට දැණුන කාරණයකි.
ආචාර්ය මහින්ද ගේ සුදානම ආචාර්ය මහින්ද ඉක්මනින් ගෙදර යැවීමයි. බලය ගොඩ නැගෙන විට ඒ බලය විනාශ කරන බලවේගයත් ගොඩ නැගෙන්නේ ස්වභාවිකවය. එය ලෝකයේපොදු ධර්මතාවයයි. මියුසියස් දරුවන්ගේ හිත් පෑරීම හා චීන ලංකා හිතවත්කමට ගැරහීම එකම කාසියක දෙපැත්තකි. මේ කාසිය කොයිපැත්ත වැටුනත් ආචාර්ය මහින්ද ගේ ලකුණු අඩුවෙයි.
හම්බන්තොට කිරුනතකට් පටන් ගන්නාවිට ම පපර බෑන්ඞ් බැනර් එපා කියන්නේ වැරදිලාවත් එහි ආචාර්ය මහින්ද වර්නණා කරන සංගීතයක් වාදනය වුවොත් නරකට හිටීවි යැයි බියටද? අනේ ආචාර්ය මහින්ද නැතිනම් අපට කිරනර කට් කොයින්දැයි හම්බන්තොට කලපුවේ මිනිහෙකු බැනර් කෑල්ලක් ගෙනාවොත් නරකට හිටී යැයි හිතාගෙනද? මේවා වැඩිදුර නොයා හිතා බැලිය යුතු ආචාර්ය මහින්ද පමණක් නොවේ. කොළඹ නගර සභාව අකරී හ ය අවස්ථාවේ එහි බලය අතට ගෙන ඇති ආරක්ෂක ලේකම්වරයා ද තමන් යටතේ සිටින ආචාර්ය මහින්දගේ ගමන ගැන අවධානයෙන් සිටිය යුතුය. නැතිනම් පොලව යටින් හාරා ඇති උමග ගිලා බසින විට හුරේ තබන ආචාර්ය මහින්ද දෙස තමන්ට ද බලා සිටින්නට වෙන්නේ ඉතා අසරණවය.
හිතුවක්කාරයා
Wednesday, February 23, 2011
Wednesday, February 2, 2011
මුව හමට ගිනිතැබීම
කැළේ වැදුන රජු දඩයම හෙම වැරදිච්චි
ඒ වග නොදුටු කවි කාරයෝ එක්වෙච්චි
වැරදුන වග ලියා නෙක වගතුග පළ වෙච්චි
අහෝ ඊ නිවුස් මුව හම ගිනි බත් වෙච්චී
එක්ව සැවොම නටඹුන් දැක තැවුණාය
නොකියා කී නමුදු තැන තැන මතුලාය
කළ පින් පවු අනුව මෙහෙම ම වූවාය
නොපැමිණ පාතරාසයට ඇති මෙහෙමට ගැලවීම
හිතුවක්කාරයා
ඒ වග නොදුටු කවි කාරයෝ එක්වෙච්චි
වැරදුන වග ලියා නෙක වගතුග පළ වෙච්චි
අහෝ ඊ නිවුස් මුව හම ගිනි බත් වෙච්චී
එක්ව සැවොම නටඹුන් දැක තැවුණාය
නොකියා කී නමුදු තැන තැන මතුලාය
කළ පින් පවු අනුව මෙහෙම ම වූවාය
නොපැමිණ පාතරාසයට ඇති මෙහෙමට ගැලවීම
හිතුවක්කාරයා
Monday, November 29, 2010
මුරුගසංවරුසා
කෙත් වතු පාලු කරමින
නිසි කල වැසි වැටෙන
දූ දරුවන් තෙමන
හිමි - කරවටක් බැස ගෙදර එන
අසෙනි ඉල්ලා යාදිනි යදින
තැන - තැන හෙණ ගෙඩි පුපුරන
සුදු මුදු දුම් පතුරවමින්
සෙත් පතන - දිග් විජය ඉල්ලන
බණ දෙසන මුත් බණ නොඅසන
දන මන අනුව වැඩ කෙරෙන
බව පෙන්වන නමුදු- කිසිවිටෙක
උන් විනා පෑගෙන අප නොතකන
කෙත් වතු සාර වුව
බව බෝග සැප සම්පත් පැතිරෙත
කුරා කුහුඹුවෙකු ද නොනසන
මනරම් දිවයින එව කව බොව නටව
හිතුවක්කාරයා
නිසි කල වැසි වැටෙන
දූ දරුවන් තෙමන
හිමි - කරවටක් බැස ගෙදර එන
අසෙනි ඉල්ලා යාදිනි යදින
තැන - තැන හෙණ ගෙඩි පුපුරන
සුදු මුදු දුම් පතුරවමින්
සෙත් පතන - දිග් විජය ඉල්ලන
බණ දෙසන මුත් බණ නොඅසන
දන මන අනුව වැඩ කෙරෙන
බව පෙන්වන නමුදු- කිසිවිටෙක
උන් විනා පෑගෙන අප නොතකන
කෙත් වතු සාර වුව
බව බෝග සැප සම්පත් පැතිරෙත
කුරා කුහුඹුවෙකු ද නොනසන
මනරම් දිවයින එව කව බොව නටව
හිතුවක්කාරයා
Friday, November 26, 2010
ජ්‍යෙශ්ඨ නායකයා
අනේ අපිටත් රජෙක් හිටියා නං
සෙමර සලංඤ
මෙහෙවර කරංඤ
හත් දොහක් තනි රකිංඤ
හිත විකාරයි වගේ .....
ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකි
රට ගියත් - ගමින් ගම ඇවිද්දත්
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති
- හිතුවක්කාරයා
සෙමර සලංඤ
මෙහෙවර කරංඤ
හත් දොහක් තනි රකිංඤ
හිත විකාරයි වගේ .....
ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකි
රට ගියත් - ගමින් ගම ඇවිද්දත්
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති
- හිතුවක්කාරයා
Sunday, November 21, 2010
අපේ කාලයේ වීරයා ගේ කතාව
පාන් කන්නත් එපා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං
බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා
ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා
පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු
-හිතුවක්කාරයා
හිඟා කන්නත් තහනං
වැඩියෙන් පඩි දෙන්නත් බැහැලූ
කැසිනෝ නැහැ අරහං
බවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවා
පේමංටෙකේ වෙළඳාම තහනං කළා
හොරෙං ටී වී එක බලන කොට
කලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණා
ජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මා
බලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවා
අහිංසක කෙල්ලංගෙ පින්තූර දාලා
ඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවා
පාරෙ සිකැරැට් උරන්නත් බැහැ
මතට තිත නෙව කොහොම බොන්නද
ටිකක් තදවෙන හිත හදා ගන්නට
කැසිනෝ නැව මාගමිං එනකං බලං ඉමු
-හිතුවක්කාරයා
Thursday, November 18, 2010
අන්තරේ නෙවෙයි අනතුරේ
විශ්ව විද්‍යාලයේ අරගල
අනේ අපි නෙවෙයි
කියන්නට කලින්
අන්න එහෙමම
ගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නම
හිතුවක්කාරයා
අනේ අපි නෙවෙයි
කියන්නට කලින්
අන්න එහෙමම
ගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නම
හිතුවක්කාරයා
Thursday, November 11, 2010
පදවි පරා ප්ති පුණ්යානනුමෝදනා
හෙල්පිං හම්බන්තොට -කියා හංවඩු ගසද්දී
මිනිසුන්ගේ හිත දිනූ මිනිසාය
තැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවා
හද ගිනි නිවූ දේශයේ මහරජාණන්ය
මහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණි
සිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවාය
රට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දී
නිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයාය
පරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහා
සිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතිය
දරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳ
නිබඳ දුක සැප සොයන නිරිඳාය
ඔහු කෙරේ පක්ෂපාතීන් වට වී දරු රකින ලෙද
අසැබි වෙබ් - මඩ නාන විට සිනාසෙන සේය
බේද හැර එක රටක්- එක දේශයක් බව කියත
එද සියලූ පක්ෂ බිඳ තම බලය පතුරවන වෙර ගනිත
යුධ අධිකරණ පනවන බව කියා එඩි නසන මුත්
ලොව පුරා අබිමානයෙන් සැරිසරන ලකිසුරුය
රුහුණු රට මුහුදු තෙර කළඹවා වෙන වරායක් තැනූ
එහි පළමු නැව යවා කුරහනින් සනසවන මිනිසාය
අත්තල නගා හිනැහුන දනන් වෙත රවා නොසැලී
මත්තල ගුවන් තොට ඉදි කර එයින් නැගෙනා -නරපතිය
මතට තිත බව කියා හෙළ උරුමය සමග රට ම කැළඹීය
ඒ හෙළ උරුමයම කැසිනෝ වෙනුවෙන් බිලිදුන් නායකයාය
එහි මහා සෝබනයක් ඇතැයි කීවත් නොසැලෙනා සේ
ගමින් ගම යමින් දුගී දන වෙත නැමී දුක අසන දිනිදාය
මම මටය මමම හැර වෙන යමෙකු නැති වෙන ලෙසට
දහ අට ගෙනා එහි ජය අතට ගත් ජනපතිය
මෙවැනිම ගමන්ආමර් වීදිය තෙක් ගිය රජුන් දැක
මහ මග කිරිබත් පිසූ දන වෙසෙන රට ම බව දන්නීද?
-හිතුවක්කාරයා
මිනිසුන්ගේ හිත දිනූ මිනිසාය
තැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවා
හද ගිනි නිවූ දේශයේ මහරජාණන්ය
මහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණි
සිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවාය
රට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දී
නිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයාය
පරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහා
සිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතිය
දරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳ
නිබඳ දුක සැප සොයන නිරිඳාය
ඔහු කෙරේ පක්ෂපාතීන් වට වී දරු රකින ලෙද
අසැබි වෙබ් - මඩ නාන විට සිනාසෙන සේය
බේද හැර එක රටක්- එක දේශයක් බව කියත
එද සියලූ පක්ෂ බිඳ තම බලය පතුරවන වෙර ගනිත
යුධ අධිකරණ පනවන බව කියා එඩි නසන මුත්
ලොව පුරා අබිමානයෙන් සැරිසරන ලකිසුරුය
රුහුණු රට මුහුදු තෙර කළඹවා වෙන වරායක් තැනූ
එහි පළමු නැව යවා කුරහනින් සනසවන මිනිසාය
අත්තල නගා හිනැහුන දනන් වෙත රවා නොසැලී
මත්තල ගුවන් තොට ඉදි කර එයින් නැගෙනා -නරපතිය
මතට තිත බව කියා හෙළ උරුමය සමග රට ම කැළඹීය
ඒ හෙළ උරුමයම කැසිනෝ වෙනුවෙන් බිලිදුන් නායකයාය
එහි මහා සෝබනයක් ඇතැයි කීවත් නොසැලෙනා සේ
ගමින් ගම යමින් දුගී දන වෙත නැමී දුක අසන දිනිදාය
මම මටය මමම හැර වෙන යමෙකු නැති වෙන ලෙසට
දහ අට ගෙනා එහි ජය අතට ගත් ජනපතිය
මෙවැනිම ගමන්ආමර් වීදිය තෙක් ගිය රජුන් දැක
මහ මග කිරිබත් පිසූ දන වෙසෙන රට ම බව දන්නීද?
-හිතුවක්කාරයා
Subscribe to:
Posts (Atom)