තොසින් දිලෙන හිනා කවට කෙළි මූහුණු
අතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනු
විසල් ලොවක පා කර හිත නොපෙනූණු
අනේ අත හැරියාය ලොජ් එකකට මෑනූ
දොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපා
වස් වදිනව ද කියලයි හිතුනේ රගපා
තොස් වඩවන නෙක සැරසිලි විසුලු පපා
දස්කම කරන දා නොසිතුනියතැයි අපා
හිතුවක්කාරයා
Tuesday, July 26, 2011
විදුලිය
එදා විදුලිය කැපූ දා කරුවල උනා නම....
මෙදා හොර රහසේ ම විදුලිය කැපූ
මුන් කියයි ඒ රටට හිතවත් නිසා
ඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේ
හිතුවක්කාරයා
මෙදා හොර රහසේ ම විදුලිය කැපූ
මුන් කියයි ඒ රටට හිතවත් නිසා
ඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේ
හිතුවක්කාරයා
Tuesday, June 28, 2011
බොරු
නාථ දෙවියම්පල්ලා විද්යාව බොරු
විද්යාපීඨාධිපති මම කියන්නේ
කැළණියේ දැක්ම මේ තමයි
හාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්
බටහිර කියන්නේ ලෝක බොරු
චන්දයෙන් දිනූ මම කියන්නේ
අපේ කම මේ තමයි
උන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයි
මේවා ආණ්ඩුව මවන බොරු
විපක්ෂයෙ කිසි බෙදීමක් නැහැ
ප්රතිසංවිධානය මේ තමයි
අපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයි
මේ ආණ්ඩුව කෙළින්නෙම බොරු
රතු ජන බලවේගය අපේ
රැවටිල්ලක නිමාවයි මේ
ධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයි
උන් වලවල් කපයි බොරු
හැමදාමත්වැටෙන අපි
සීවරං දෙයිහාමුදුරුවනේ
සර්ව ජන චන්දය ලැබී දැනටමත් අවුරුදු අසූවයි
-හිතුවක්කාරයා
විද්යාපීඨාධිපති මම කියන්නේ
කැළණියේ දැක්ම මේ තමයි
හාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්
බටහිර කියන්නේ ලෝක බොරු
චන්දයෙන් දිනූ මම කියන්නේ
අපේ කම මේ තමයි
උන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයි
මේවා ආණ්ඩුව මවන බොරු
විපක්ෂයෙ කිසි බෙදීමක් නැහැ
ප්රතිසංවිධානය මේ තමයි
අපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයි
මේ ආණ්ඩුව කෙළින්නෙම බොරු
රතු ජන බලවේගය අපේ
රැවටිල්ලක නිමාවයි මේ
ධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයි
උන් වලවල් කපයි බොරු
හැමදාමත්වැටෙන අපි
සීවරං දෙයිහාමුදුරුවනේ
සර්ව ජන චන්දය ලැබී දැනටමත් අවුරුදු අසූවයි
-හිතුවක්කාරයා
Monday, June 20, 2011
ඇදෙව් - යමව් පෙරටම එව්
සිංහාව ලෝකනය තැනූවෙනි වරෙල්ලා
මහින්දා ගමනය හැදූ නුඹ ද
අබා විරක්කාව්යය නිමැවූ තොප ද
එක් සිතින් එක්සත්ව නැගෙල්ලා
කිං හන්තර් තනන්නට නොව
ගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොව
රන්මිනිතැන්න ගම්මානයට වී
රූපවාහිනියට චිත්රපටියක් හදාපල්ලා
ගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වග
ගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටි
සැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්
එක සැනින් ජිවිත නැති කළ විලාසය
කෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්
ගුවන් තොට - තෙල් ටැංකි විතරක් ද
රටම කම්පා කළ දළදා මාළිගය - අම්පාරෙ හාමුදුරුවරු
හදවත් නතරකළ කැබිති ගොල්ලෑවෙ බස් රථය
ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනතාව
මේ වෙලාවට නැතිචිත්රපටි මොන ඇන්නෑවකට ද
ගනිමු අන්තිම සතයත් ණයට - යොදමු මැර බලයත්
හදමු රට ගොඩ නගන - උන් මත වරද පටවන දෙයක්
- හිතුවක්කාරයා
මහින්දා ගමනය හැදූ නුඹ ද
අබා විරක්කාව්යය නිමැවූ තොප ද
එක් සිතින් එක්සත්ව නැගෙල්ලා
කිං හන්තර් තනන්නට නොව
ගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොව
රන්මිනිතැන්න ගම්මානයට වී
රූපවාහිනියට චිත්රපටියක් හදාපල්ලා
ගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වග
ගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටි
සැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්
එක සැනින් ජිවිත නැති කළ විලාසය
කෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්
ගුවන් තොට - තෙල් ටැංකි විතරක් ද
රටම කම්පා කළ දළදා මාළිගය - අම්පාරෙ හාමුදුරුවරු
හදවත් නතරකළ කැබිති ගොල්ලෑවෙ බස් රථය
ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනතාව
මේ වෙලාවට නැතිචිත්රපටි මොන ඇන්නෑවකට ද
ගනිමු අන්තිම සතයත් ණයට - යොදමු මැර බලයත්
හදමු රට ගොඩ නගන - උන් මත වරද පටවන දෙයක්
- හිතුවක්කාරයා
Friday, June 10, 2011
ආසනික්
වයසට ගියාම පඩි දෙන්න වෙඩි තියන
පිකට් යන එවුන් තලන්නට පොලුත් අරගෙන එන
උන් කියන දේ නාහන එකා අනිවාරතේ මග නහින
ආසනික් තිබුනත් මොකද මෙහෙම වහ කන රටක
- හිතුවක්කාරයා
පිකට් යන එවුන් තලන්නට පොලුත් අරගෙන එන
උන් කියන දේ නාහන එකා අනිවාරතේ මග නහින
ආසනික් තිබුනත් මොකද මෙහෙම වහ කන රටක
- හිතුවක්කාරයා
Friday, June 3, 2011
ගාලූ පාරෙ බතල බහිනවා
කොල්ලූපිටියෙ ගාලූ පාර අලූත් වෙලා
අලූතෙන් හැදෙනා - මහ පාර පුපුරලා
කොන්තරාත් බාස්උන්නැහේ
කම්පාවෙන් බොහොම කල්පනා කළා
ගල් රෝලක් පෙරලූනා ද- දාපු සිමෙන්තිය වැරදිද
එහෙම නැතිව කාලගුණේ හින්ද ද මන්දා
වට පිට හිටි හැමදෙනාම බලන් ඉන්න අතරවාරෙ
පේමන්ට් එක ඉරි යනවා අනේ සත්තකයි
කාර් බාර් නතර වුණා - කැමරා වට කර ගත්තා
පාර පුපුරනා වග දැක හේතුව බැලූවා
මෙන්න බොලේ මෙහෙම වැඩක් පේමන්ට් පුරා දුවන
බතල වැලක්පෝර වැටිල සරුවට හැදිලා
කොලයක් හබරල වාගෙයි- මුල් ඇදිලා හතර වටේ
වැල හැදෙනා වගේ මෙන්න - ගාලූ පාර පුරා බතල බහිනවා
මග නැගුමයි - දිවි නැගුමයි දෙකම මගදි හාද වෙලා
බතල බහිනවා සත්තයි දවසක ඇවිත්බලන්න
- හිතුවක්කාරයා
ගාලූ පාරේ ස්වර්ණ වාහිනිය අසල ගොඩබිම බිම් තීරුවේ ඉඩ ඇති පේමන්ට් එකේ තැනෙක බතල වවා ඇති බව දැක ලියනා ලද බව සලකන්න
අලූතෙන් හැදෙනා - මහ පාර පුපුරලා
කොන්තරාත් බාස්උන්නැහේ
කම්පාවෙන් බොහොම කල්පනා කළා
ගල් රෝලක් පෙරලූනා ද- දාපු සිමෙන්තිය වැරදිද
එහෙම නැතිව කාලගුණේ හින්ද ද මන්දා
වට පිට හිටි හැමදෙනාම බලන් ඉන්න අතරවාරෙ
පේමන්ට් එක ඉරි යනවා අනේ සත්තකයි
කාර් බාර් නතර වුණා - කැමරා වට කර ගත්තා
පාර පුපුරනා වග දැක හේතුව බැලූවා
මෙන්න බොලේ මෙහෙම වැඩක් පේමන්ට් පුරා දුවන
බතල වැලක්පෝර වැටිල සරුවට හැදිලා
කොලයක් හබරල වාගෙයි- මුල් ඇදිලා හතර වටේ
වැල හැදෙනා වගේ මෙන්න - ගාලූ පාර පුරා බතල බහිනවා
මග නැගුමයි - දිවි නැගුමයි දෙකම මගදි හාද වෙලා
බතල බහිනවා සත්තයි දවසක ඇවිත්බලන්න
- හිතුවක්කාරයා
ගාලූ පාරේ ස්වර්ණ වාහිනිය අසල ගොඩබිම බිම් තීරුවේ ඉඩ ඇති පේමන්ට් එකේ තැනෙක බතල වවා ඇති බව දැක ලියනා ලද බව සලකන්න
Wednesday, June 1, 2011
සහතිකයි - මහින්ද බාලසූරිය ගැනය
වීදි සටනකට ගැහුවා
කම්කරුවා නැති කෙරුවා
ඔලු පැලෙන්න වෙඩි තියාපු
මහින්දයා අපට එපා
අවනීතිය රජ කරන්න
බලය අතට දුන්නෙ කවුද
මැරකම් පෙන්වන්නෙ අපට
දුප්පත් අපි වහ කදුරුද
කළාපෙ අපි මේ කියන්නෙ
මේක හොඳට හිතට ගන්න
විනාසෙකට මුල පුරන්න
එපා ආයෙ ඉඩ තියන්න
විශරාමය බලෙන් දෙන්න
බියගම මළගමක් කළා
රට හදන්න ඉඩක් දෙන්න
මහින්ද දැන් ගෙදර යන්න
යුද්දය ගැන පොත පෙරළා
රටින් ගත්ත පදවි එපා
භීෂණයට රට බිළි දුන්
මහින්දයා අපට එපා
- හිතුවක්කාරයා
- මෙම කවි පෙළ පළවීමෙන් පසු ආචාර්ය මහින්ද බාලසූරිය මහතා සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය 2011-06-02 දින ගරු ජනාධිපතිතුමන් වෙත භාර දී ඇති අතර ඉල්ලා අස් වීම පිළිගෙන තිබේ.
කම්කරුවා නැති කෙරුවා
ඔලු පැලෙන්න වෙඩි තියාපු
මහින්දයා අපට එපා
අවනීතිය රජ කරන්න
බලය අතට දුන්නෙ කවුද
මැරකම් පෙන්වන්නෙ අපට
දුප්පත් අපි වහ කදුරුද
කළාපෙ අපි මේ කියන්නෙ
මේක හොඳට හිතට ගන්න
විනාසෙකට මුල පුරන්න
එපා ආයෙ ඉඩ තියන්න
විශරාමය බලෙන් දෙන්න
බියගම මළගමක් කළා
රට හදන්න ඉඩක් දෙන්න
මහින්ද දැන් ගෙදර යන්න
යුද්දය ගැන පොත පෙරළා
රටින් ගත්ත පදවි එපා
භීෂණයට රට බිළි දුන්
මහින්දයා අපට එපා
- හිතුවක්කාරයා
- මෙම කවි පෙළ පළවීමෙන් පසු ආචාර්ය මහින්ද බාලසූරිය මහතා සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය 2011-06-02 දින ගරු ජනාධිපතිතුමන් වෙත භාර දී ඇති අතර ඉල්ලා අස් වීම පිළිගෙන තිබේ.
Subscribe to:
Posts (Atom)