Tuesday, August 30, 2011
ඇම
හැට පැන්නත් ඉඔින්නට නොලද
එකම ල`ද වේ යැ මේ රුසිරු කොළඹ
අමුනා කෙළවරක තම දෙටු පුරෝහිත
බලව දොඩනා වහසි බස්ඇය ගන්න කරකාර
හිතුවක්කාරයා
Friday, August 26, 2011
මිලින්ද
තාප්පය බින්දා - කුණු කසල ඇද්දා
කොළ පාට මිලින්දා
නිලට හුරුවෙනවාදෝ කොයින්දා
කඩ බක්කි නැති වූවෝ
ගෙවල් දොරවල් කැඩූවෝ
කියා දුක තම පෑවෝ
වරෙව් අපවෙත වාරෙ ආවෝ
තිබුණ මහ බල තෙද බිද
තුන්රෝද රියැදුරෙකුට ගිය කල
කලළෙහි ගිලුන මහ පුරවර
ගොඩ ගන්න අලියෙකුටම සිදුවිය
අලි පරපුර බෙදී
වෙන්වී සොයයි යන මග වියැකී
පරපුරෙන් වෙන්වී
තනිමිලින්දට හැකිවෙයිදෝ සකී
හිතුවක්කාරයා
Monday, August 1, 2011
තාප්පය කැඩුවාට ටයි පඹයෙක්?
තාප්පය කඩලා තුම්මුල්ලෙ එෆ් එම් එකේ
හෙලු වැල්ල පෙන්නනවා නොපෙනෙන ගානට අගේ
වස් වදින හින්දා දෝ අපේ
මෙන්න තියලා ටයිපටලවාගත් පඹයෙකුවැට මායිමේ
-හිතුවක්කාරයා
Tuesday, July 26, 2011
නළගනගේ වැළපිල්ල
තොසින් දිලෙන හිනා කවට කෙළි මූහුණු
අතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනු
විසල් ලොවක පා කර හිත නොපෙනූණු
අනේ අත හැරියාය ලොජ් එකකට මෑනූ
දොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපා
වස් වදිනව ද කියලයි හිතුනේ රගපා
තොස් වඩවන නෙක සැරසිලි විසුලු පපා
දස්කම කරන දා නොසිතුනියතැයි අපා
හිතුවක්කාරයා
අතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනු
විසල් ලොවක පා කර හිත නොපෙනූණු
අනේ අත හැරියාය ලොජ් එකකට මෑනූ
දොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපා
වස් වදිනව ද කියලයි හිතුනේ රගපා
තොස් වඩවන නෙක සැරසිලි විසුලු පපා
දස්කම කරන දා නොසිතුනියතැයි අපා
හිතුවක්කාරයා
විදුලිය
එදා විදුලිය කැපූ දා කරුවල උනා නම....
මෙදා හොර රහසේ ම විදුලිය කැපූ
මුන් කියයි ඒ රටට හිතවත් නිසා
ඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේ
හිතුවක්කාරයා
මෙදා හොර රහසේ ම විදුලිය කැපූ
මුන් කියයි ඒ රටට හිතවත් නිසා
ඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේ
හිතුවක්කාරයා
Tuesday, June 28, 2011
බොරු
නාථ දෙවියම්පල්ලා විද්‍යාව බොරු
විද්‍යාපීඨාධිපති මම කියන්නේ
කැළණියේ දැක්ම මේ තමයි
හාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්
බටහිර කියන්නේ ලෝක බොරු
චන්දයෙන් දිනූ මම කියන්නේ
අපේ කම මේ තමයි
උන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයි
මේවා ආණ්ඩුව මවන බොරු
විපක්ෂයෙ කිසි බෙදීමක් නැහැ
ප‍්‍රතිසංවිධානය මේ තමයි
අපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයි
මේ ආණ්ඩුව කෙළින්නෙම බොරු
රතු ජන බලවේගය අපේ
රැවටිල්ලක නිමාවයි මේ
ධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයි
උන් වලවල් කපයි බොරු
හැමදාමත්වැටෙන අපි
සීවරං දෙයිහාමුදුරුවනේ
සර්ව ජන චන්දය ලැබී දැනටමත් අවුරුදු අසූවයි
-හිතුවක්කාරයා
විද්‍යාපීඨාධිපති මම කියන්නේ
කැළණියේ දැක්ම මේ තමයි
හාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්
බටහිර කියන්නේ ලෝක බොරු
චන්දයෙන් දිනූ මම කියන්නේ
අපේ කම මේ තමයි
උන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයි
මේවා ආණ්ඩුව මවන බොරු
විපක්ෂයෙ කිසි බෙදීමක් නැහැ
ප‍්‍රතිසංවිධානය මේ තමයි
අපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයි
මේ ආණ්ඩුව කෙළින්නෙම බොරු
රතු ජන බලවේගය අපේ
රැවටිල්ලක නිමාවයි මේ
ධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයි
උන් වලවල් කපයි බොරු
හැමදාමත්වැටෙන අපි
සීවරං දෙයිහාමුදුරුවනේ
සර්ව ජන චන්දය ලැබී දැනටමත් අවුරුදු අසූවයි
-හිතුවක්කාරයා
Monday, June 20, 2011
ඇදෙව් - යමව් පෙරටම එව්
සිංහාව ලෝකනය තැනූවෙනි වරෙල්ලා
මහින්දා ගමනය හැදූ නුඹ ද
අබා විරක්කාව්‍යය නිමැවූ තොප ද
එක් සිතින් එක්සත්ව නැගෙල්ලා
කිං හන්තර් තනන්නට නොව
ගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොව
රන්මිනිතැන්න ගම්මානයට වී
රූපවාහිනියට චිත‍්‍රපටියක් හදාපල්ලා
ගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වග
ගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටි
සැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්
එක සැනින් ජිවිත නැති කළ විලාසය
කෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්
ගුවන් තොට - තෙල් ටැංකි විතරක් ද
රටම කම්පා කළ දළදා මාළිගය - අම්පාරෙ හාමුදුරුවරු
හදවත් නතරකළ කැබිති ගොල්ලෑවෙ බස් රථය
ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනතාව
මේ වෙලාවට නැතිචිත‍්‍රපටි මොන ඇන්නෑවකට ද
ගනිමු අන්තිම සතයත් ණයට - යොදමු මැර බලයත්
හදමු රට ගොඩ නගන - උන් මත වරද පටවන දෙයක්
- හිතුවක්කාරයා
මහින්දා ගමනය හැදූ නුඹ ද
අබා විරක්කාව්‍යය නිමැවූ තොප ද
එක් සිතින් එක්සත්ව නැගෙල්ලා
කිං හන්තර් තනන්නට නොව
ගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොව
රන්මිනිතැන්න ගම්මානයට වී
රූපවාහිනියට චිත‍්‍රපටියක් හදාපල්ලා
ගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වග
ගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටි
සැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්
එක සැනින් ජිවිත නැති කළ විලාසය
කෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්
ගුවන් තොට - තෙල් ටැංකි විතරක් ද
රටම කම්පා කළ දළදා මාළිගය - අම්පාරෙ හාමුදුරුවරු
හදවත් නතරකළ කැබිති ගොල්ලෑවෙ බස් රථය
ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනතාව
මේ වෙලාවට නැතිචිත‍්‍රපටි මොන ඇන්නෑවකට ද
ගනිමු අන්තිම සතයත් ණයට - යොදමු මැර බලයත්
හදමු රට ගොඩ නගන - උන් මත වරද පටවන දෙයක්
- හිතුවක්කාරයා
Subscribe to:
Posts (Atom)