Pages

Monday, July 19, 2010

රජු ගෙදර යැවීම නොහොත් ජෙනරාල් ගේ මහා අපරාධය

විධායක ජනපති
ඒතැන මං හිටියා දැං ඇති
විධායක අගමැති
තැන ලැබුණොතිං අන්න යහපති

මං ගෙදර යන දිනයට
දිනෙන් දින ලංවෙනවා දැනෙයි මට
එහෙම අය එක් කොට
හදමි සංගමයක් දිනුම මට

එහේ හිටියත් ගැටුම්
පැරදෙන තරමට පද ඇනුං
දෙපිළක හිටි නමුත්
උන්දැං දැං මං එක්ක ඇගලුං

පණට පණ දෙතහැකි
දෙන්නාටම සැපෙන් හිටියැකි
නම විතරක් වෙනස් සං
නුඹ විපක්ෂය මට පක්ෂ ඇති

වදින විට ගල් මුල්
හැරදා ඉන්න අදහස හැම කල්
පවතින්නට හැකියැයි හිතං
පුටුව කඩනෙමි හදමි අටුවක්

දැනි නම් හැබෑමය
ජෙනරල් කළ දේ අසමජ්ජාතිය
ප‍්‍රරබා නොමරා අත ඇරියනං
අපේ මහරජු ලගදි ගෙදරය

No comments: