Pages

Monday, July 5, 2010

Police in Sri Lanka - පොලිසියට බාගෙට ආචාරියාට හොදටම

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් - ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි. ඒ පොලිස් නිලධාරියා ගමේ අපටනම් රාළහාමිය. කොට කලිසමක් හැද බැටන් පොල්ලක් ද අතින් ගෙන බයිසිකලය තල්ලූ කරගෙන එන රාළහාමි ගමට අමුත්තෙකි. එපමණක් ද ඉතා කලාතුරකින් හොරකමක් මංකොල්ලයක් සිදුවු අතර මේ එන රාළහාමි ඒ සියල්ල හොයා බලා වරදකරු විලංගු දාන්නටත් සමත්වූවා නොවේද?

දැන් කලිසම දිග් වී අතට ටී පනස් හයකුත් ලැබී ඇත. යන්නෙ එන්නේ සයිරන් වැදෙන කාර් වලින් හෝ වැඩි බලයක් ඇති යතුරු පැදි වලිනි. එහෙම නමුත් හොරකමක් ඇල්ලූ දවසක් නැත. සුලූ හොරකමක් නම් අවාසිය විදගෙන හිත හදාගැනීම මැනවි.

මේ පොලිසියේ මෑතක සිට විත්තිකරුවන් සිරමැදිරියේ එල්ලී මියයයි. එල්ලා පහරදී හුස්ම අල්ලා ගන්න බැරිවෙනවිට තමුන්ගේම සරමෙන් එල්ලා දැමූ බව කටක් ඇර කියන්නේ මැරී ඇති මොන මිනිහා ද?

එයටත් වඩා හාස්ය ය නම් සැකකරු - සගවන ලද හොරකම් කරන ලද බඩු භාණ්ඩ හොයා දෙන මුවාවෙන් අතරමගදී පොලිසියට සමග වෙඩි හුවමාරුවකින් පසු වෙඩි කා මිය යාමයි. හොදටම ගුටි කා හෙම්බත්වී සිටින පොලිස් සිරමැදිරියේ මිනිහා අතරමගදී මාරාවේශයෙන් සාජන් මහත්තයාගේ තුවක්කුව උදුරාගෙන මහා වීරයෙක් වෙන්නට හැදීම අරුම පුදුමය.

මේ නිසා කුඩු කාරයාගේ සිට වාහන දඩ මුදලක සිද්දියකට සම්බන්ධ පුද්ගලයෙක් පවා පොලිසියට ගොඩ වෙන්නේ ඉස්සර සිරිපාදේ ගිය ආකාරයටය. එනම් තමුන්ගේ දේපොල පවරා අන්තිම කැමති පත්තරයත් ලියා නීතීඥයෙකුට බාර දීමෙන් පසුවය.

ලූනාව පමණක් නොව මෑතකදී කොට්ටාවෙන් ද සිදුවූ අමිහිරි සිද්ධි - පොලිස් සේවයේ නුගුණ පමණක් දකින අපට ඇහැට ඇගිල්ලෙන් ඇන පෙන්නූ කණගාටුදායක සිදුවීමිය. මේවා ගැන මාධ්ය් හා විද්වත් මිනිසුන් මහ හඩින් කතාකර පෙන්වා දුන්නත් කිසිවෙක් කිසිම හා හූ වක් නැගුවේ නැත.

වාසනාවකට පොලිස්පති ආචාර්ය උපාධියකට හිමිකම් කීවේය. ඉගෙන ගන්නට ගිය ගමන් ඉදිරිපත්කළ ආචාර්ය නිබන්ධනයට රුසියාවෙන් උපාධියක් දී ඇත. දැන් එතුමා කතා කරන්නට පටන්ගෙන තිබේ.

මට්ටක්කුලියේ කුඩු කාරයෙක් අල්ලාගෙන ඇත. මේ කුඩු කාරයා ඇල්ලීම ගැන ආරුලූ බූරුලූ ආණ්ඩුවේ විතරක් නොව පුද්ගලික අංශයේ රුපවාහිනී නාලිකා සියල්ලම පරලූ කාශ කර ඇති බැවින් පසුබිම අවශ්යශ නැත. දැන් ආචාර්ය පොලිස්පති කියන්නේ මේ කුඩු කාරයා ගෙදරදීම අත කපාගෙන ගිය හෙයින් පොලිසිය විසින් රෝහල් ගත කරන ලද බවයි. එපමක් නොවේ උන්නැහේ රාත්තිරියේ සිට අලූයම දක්වා එහි ගැවසී ඇත. මේ නිසා පොලිසිය විසින් මට්ටක්කුලියේ ගෙවල් වලට පහර දී අලාභානි කර නැත. මට්ටක්කුලියේ දුප්පතුන් විසින්ම තමන් අමාරුවෙන් හදා ගත් ගෙවල් වල වීදුරු හා වටිනා කියන දේ පොඩි කරගෙන තිබේ. ඒ පොලිසිය අපකීර්තියට පත් කරන්නටය.

අනේ අප්පච්චියේ මෙහෙම ආචාර්යවරු. එලිවෙනකම් හිටි මිනිහාට මේ ගෙවල්වල වීදුරු පොඩිකරගන්නා සද්දය ඇහුණේ නැද්ද? ඇහුණා නම් එළියට ඇවිත් තමුන්ගේ සනුහරයට විරුද්ධව මට්ටක්කුලියේ මහා කුමන්තරුණ ණයක් වන බව දැන ගන්න තිබුණා නේද?

පොලිසියකුත් නොවෙන පොලිස් පෝස්ට් එකක කුඩු කාරයෙකුගේ පලහිලව්ව අවසන් වූයේ තුන්සියයක් පමණ පිරිසක් ගෝනි බිල්ලන්ට පෙන්වමිනි.

පරසන ජාතන්තරසියවාදී රටක ගෝනි බිලි සංදර්ශන පවත්වන්නට ඉඩ දෙන්නේ අහිමිවෙන ජී එස් පී දිනා ගැනීමේ පරම චේතනාවෙන් විය යුතුය.

එහෙම නැතිනම් ගම් පිටින් පිට්ටනියට දක්කා සැකකාරයන් හොයන්නට පොලිසියට බලතල දුන්නේ කවුද? එහෙම අදුනාගත් සැකකරුවන් පොලිස් බස් එකකින් රෙදි වැරහැලි වලින් වසා මහේස්තරාෙම ත් හමුවට ගෙන ගියේ හදුනාගැනීමේ පෙරෙට්ටුවකටලූ. අනේ කාට කියන්නද?

ඉස්සර කාලේ කතාවට අනුව නම් ආචාරියා හිටගෙන හුජ්ජ කරනවිට ගෝලයා කරන්නේ දුවා දුවාය. දන් කාලයේ දුව- දුවා කරන දේ හත් පොලේ ගාගන්න මෙහෙම ආචාරියා ලා සාමය ආරක්ෂා කරනවාද නැත්නම් තමුන්ම සායම ඇරගන්නවාදැයි පරික්ෂා කර බැලීම රටේ නායකයන්ගේ වැඩකි.

මහොෂධ

No comments: