Pages

Tuesday, May 28, 2013

සම්බුද්ධත්ව ජයන්ති මැදුරේ වත් නැති කහ කොඩිය





බලව පුවත් හමු කැදවන හැටි මෙපුර

යතිවරු රගති අත පය පා කැමරාව

වහසි බස් කියති දිවුරති පණ දෙවති

පෙනේ කහ කොඩිය නැතිසම්බුදු ජයන්තිය



බොදු බල නැගුණේ එතැනින්ය

මත මතු වුණේ එසැනින්ය

දහම ද මෙයම වෙද කහ සිවුරක බලය

හිමි ගිනි තියා ගත් කල අසරණ අපය



හිතුවක්කාරයා

Friday, May 17, 2013

මහසෙන්


රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්ය


මර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්ය

තුමුල බලැති විකුමැති දැය මහ සෙන්ය

දන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්ය



කුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්ය

පරයන් දෙරන වනසත එය නොදකින මහසෙන්ය

ද`ගගෙට යැවි යුතු මැර ගෙට ගත් මහසෙන්ය

නිති නීතිය තමන් අත ලෙලවන මහසෙන්ය



නෙක විද බදු හොවා ජන දුක අවුලන මහසෙන්ය

ජන ග`ග පෙනෙන විට අතවැසි රුළි නගන මහසෙන්ය

දිවමන් සංවර්ධනය ඇති කළ මහ මහසෙන්ය

ඒ සැප හැර ජනයා රට පනිනු දකිනා මහසෙන්ය



හිතුවක්කාරයා