Pages

Tuesday, August 31, 2010

ආනන්දයෙන් ප‍්‍රඥාවට

රාත්තිරියටත් වඩා ගිනි මද්දහන ආනන්දයක් වී
ධවල වර්ණ හැඩිදැඩි සිත් ඇත්තෝ සැරිසැරූ
දෙන්නන්ට ද නොදෙන්නන් ට ද නිති සිනා සී
වහසි බස් දොඩා දන මන විකාරයක් කළෙහිය නොමනා

සාප වන්තයෝ දෙදණ ඇන පවු සමාකරගත්හ
සෘෂි පැවිද්දන් සේ පෙනී සිටියෝ ලජ්ජාවටත්
සදුන් සුවද ම නොව මහා ඝන්දස්කාරය වැපිරූවෝ
නොබා තෙද බල සම්පන්නව ජන වරම ලැබූ යුගයකි

ඝොර බිරම් ගති පා අකල්හි වැසි වස්සවා
ධන ධාන්‍ය ද වැය කර තොර තෝංචිවක් නැති කතා වැසි නිමාවී
රට කරවන්නයැයි දිනා ගත් මැති ඇමැත්තෝ
ප‍්‍රඥාවන්තයන් වනු ඇතැයි දන මග බලා හිදිද්දී

පෙළ ගැසී කුදු වෙවි අතටගත් බැල බත බුදී
කොනින් කොන කනහමින් රහ බලා තලුමරයි
උදම් රළ පෙළක් සේ වෙර වඩා ආවඩයි
රට බලා සිටියදී රජු නැගෙන ව්‍යවස්ථා මග හදයි



හිතුවක්කාරයා

Sunday, August 22, 2010

ගිනි නිවන්නී

ලැම නොපෙන්නන නමුත් හිත මහා ගින්දර දරන ඇය
හිත බරෙන් මිදී ළය මැද කාසි සගවා
උදෑසන හිරැ එබෙන්නට කලින් පිටත්වන නුඹ
එකම මල් යායක හීන ගලපන නොදන්නා දෙනෝදාහක්

වේසකම් පිරි පුරවරයක සැදැහැතියක් වූ ඇයට
පට්ට වේසියක් යැයි කියන්නේ ඇයි නොදන්නෙමි
හිත පුරා ඇවිලෙනා රාග ගිනි නිවා සනහන වරද
අවුලුවන්නා විනා නිවන්නී වෙත පවරන්නේ මන්ද?

දුක දරා මහත් වූ පෙම වඩා දරු වඩන්නී ඈ ම ය
ලොල්ව මහතුන් කි බොරැ වලින් රැවටී හඩන්නී ඇය ම ය
විදින්නී පරිබව දොරින් දොර වැසී අහිමිව පතිනිබව ඕ ම ය
ජඩයන්ට බුදුවිය හැකි නමුදු වේසියන් බුදු නොවන්නී සේ ම ය


හිතුවක්කාරයා

අපේ රටේ කාන්තාවන් 47000ක් ලිංගික ශ්‍රමිකාවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ -අධ්‍යයනයකින් -අනාවරණය වී ඇත්තේය

Friday, August 20, 2010

නෝ බෝල්

වටේටම නොයෙක් මිළ ගණන් වලට විකිණෙනා මිනිස්සු
ඉස්තරම් ඇගෑලූම්කම් සමග නොහොබිනා කැත වචන
කෙල ගා ඔප මට්ටම් කරන රතු පාට ලෙදර් පන්දුව සමග
මහා විසාල පිට්ටනියේ හුදෙකලා හදවතක් වැලපෙනවා දැක්කාද

මං වගේමයි ඇවිත් බිත්ති කණ්ඩිය අද්දර හිට ගත්තා
ඇහැ ඇරල බැලූවාම පෙණුනේ පාවෙනා නිලංකාර පරඩැල්
කාසි මලූ කද බැදන් බෙදනවා - අපිට දෝත පෑවාට දෙන්නැති
විච්චූරණ මැදින් ඇවිදගෙන ගියේ පිට්ටනිය මැද්දට

දණ ගහන්නැයි කීවාම දණ නොගහ ඉන්නේ කොහොමද
ඇහැ පියා ගත්තා නොපෙනෙන්න පෙනෙන මානය
ආයෙත් හිත නිකං වැනෙනවා ලෙලෙන ගොක් අත්තක් වගේ
අන්තිමට දැනුණෙ ඉර පන්නලා ගිය හිතේ ගිඩි - ගිඩිය

බොල් හුලගෙ පාවෙන්න තිබුණ අන්තිම බෝලයට
තුට්ටුවක් නොවටින්න හිත හදා ගත්තේ මම කොහොම
ආයෙමත් ඇහෙන්නේ ගෙදර ලග වක්කඬේ ගෝසාව
උන් එක්ක නැටුව දා - එදත් මගෙ පිට පුරවලා වැදුනෙ වැරණිය පාර


- හිතුවක්කාරයා

Wednesday, August 18, 2010

හිතුවක්කාරයාගේ අසෝබන කතා -1 - හෙනහුරා හමුවීම

අත වෙලාගෙන. රවුල දවස් ගණනකින් කපලා නැහැ. ඇදුම පරණ වුණත් තාම සුද නොමැකී දිලිහෙනවා. හිතුවක්කාරයා කොළඹ ඇස්වාට්ටුව හන්දියෙන් වමට හැරෙන වෙලාවෙ මෙන්න මේ අත වෙලා ගත්ත උන්නැහේ තුන් කුන්දෙන් පැනලා වෙලා ගත්ත අත පෑවා.

‘‘ අනේ පිං ඇති මහත්තයෝ කීයක් හරි දෙන්ට’’

අතේ තිබුණෙ සත පණහයි. කාසි හිග වෙලාව. රුපියල් කොළ සාක්කුවේ තිබුණත් හොද ඇගපත ඇති මෙහෙව් එකෙකුට නොදී ඉන්නමයි හිත.

‘‘ අනේ අනේ ... අහක බලා ගෙන යන්නේනප්පා. අහිංසකයා. දුප්පතා. මට හෙනහුරාගෙ ඛාලේ.... ’’

ලොක්කා මෙහේ හිගා කන්ට හොද තැනක් නෙවෙයි. කොළඹ. පේනවා නෙ. වටරවුම් වෙනස් වෙලා. වතුර මල් අමුණලා. දැං රාළහාමි කෙනෙක් ආවොත් තමුංව ගෙනිහං දාන්නෙ වීරවිල. දන්නවා නේ හිතුවක්කාරයා ඔරවලා බලන ගමන් කිව්වා.

‘‘හිටියෙ ඒ කිට්ටුව තමයි. ඉන්පස්සෙ එයිං එහා මාගං පත්තුවේ උදවියත් එක්ක ඇගලූං පෑවා. පටං ගත්තෙ දණ ගහල වැදලා...අන්තිමට ඉත්තිරි වුණේ මෙච්චරයි. වණේ වන හතුරෙකුටවත් වෙන්නෙපා.’’

එහෙම ඇහුණාම හිතුවක්කාරයා පාර මාරුවෙන එක නතරම කළා. ‘‘ ඔහේ දන්නැතෙයි. මේ දවස්වල හිගන්නො අල්ලනවා. වීරවිල හිටියනං එහෙටම වෙලා ඉන්ට තිබුණ නෙව. දැං වරායක් හදනවා. ගුවන් තොටුපොල.... ’’

හිතුවක්කාරයාට කියන්න හම්බවුණේ ඒ වාක්යං්ශය විතරයි.

‘‘ අපි නොදන්න වරාය. පාර කැපුවෙ මම. බෙල්ල දුන්නෙ මම. එක පසික්කාටුටුවෙක් උං වෙනුවෙන් මං කරපු තරං මජර වැඩ කළේ නැ. මයේ පරංපරාවට නෙවෙයි. උංට පාර කපන්ට. මට වැරදුනා. ..’’ පිනට සල්ලි ඉල්ලන උන්නැහේ දැං කතා කරන්නේ හිතේ වේදනාවෙන්.

‘‘ මට තේරුණේ නැහ් ’’ හිතුවක්කාරයා කිව්වා.

‘‘ ඔහොම යං. ... මේ රටේ කතාව අහල තියෙනවද? රජ්ජුරුවොයි සංඝයා වහන්සෙයි ආස්සරේට හොද නෑ කියලා. ’’ මම ඒක ආයෙත් දැන ගත්තා... ’’ මේ උන්නැහේ උත්තර දුන්නෙ යන්නෙ කොහෙද ? මල්ලෙ පොල් කතාවක්.

හිතුවක්කාරයා තවත් ටිකක් ලං වුණා.‘‘ ලොකු උන්නැහේ හිත් වේදනාවෙං වගේ. අසනීපයක් ද? දවල්ට කෑවද? ’’ සත පණහ නොදෙන්න හිතා ගත්තට ... දුකට ම අහන්න සිද්ධ වුණා.

‘‘ අනේහ් .... නෑ.. මං හිටියෙ රජ්ජුරුවො ඔහොම ..මම මෙහෙම වගේ.....කොටින්ම උන්නැහේ වියායාම කරලා කාට හරි බනින්න සූදානං උනෙත් මගෙං නරක වචන අහගෙන. ’’

ඉත්තිං.....

‘‘ ඉස්සෙල්ලා ආව අං වෙනුවට පස්සෙ ආපු කණ ලොකු වුණා. ඡුන්දෙ කාලෙ උගේ කට ලොකු වුණා. ජන්දෙ දිනුවාම ඌ ගිහින් කමිටුවට විරුද්ධව උපවාසෙ පටන් ගත්තා.... මං දැං මොකාද? ..’’ ලොකු උන්නැහේ ඉහිං කටිං වෑහෙන දාඩිය සුද මැකී යන කමීසෙං පිහිනවා.

හිතුවක්කාරයාට කතා කරගන්න කලිං ආයත් ...කතාව

‘‘ රූපවාහිනියෙ කෙල්ලන්ට ගැහුවා. සිරස විනාශ කලා. කැළණිය කසිප්පු ගුහාවක් කළා. කුඩු කාරයෝ ආරස්සා කළා. ...නීතිය විග්ගරහ කරන්න පටන් ගත්තා... මේ සමූපෙ වැඩ කරපු කොල්ලගෙ උවමනාවට ද පින්වතුනි... අනේ නෑහ්.. ’’

වස්තරෙ මූණ පිහිදගත්ත ලොකු උන්නැහේ ආයෙත් කතාව පටන් ගත්තෙ ඇහැ හීනි කරලා වට පිට බැලූවට පස්සෙ.

‘‘ එයා වෙනුවෙන් මැර කං කළා. එයා වෙනුවෙන් ජඩ වැඩ කළා. එයා එහෙට ගියා. මට හම්බවුණේ උප ඇමතිකං. ඇණුං.. බැනුං... ’’

දැං දැං සිද්ධවෙන්නෙ මහා පාපොච්චාරණයක් බව වටහා ගත්ත
හිතුවක්කාරයා පාර පනින්න සූදානං වුණේ මේ මරාලෙං බේරෙන එක මහා විජයගරකාරහණයක් බව ඉවෙන් වගේ දැනුන නිසා.

’‘ අනේ යනේන්න එප්පාහ්... නපුරු කලට ..මනුස්සයට දුකට පිහිට වෙන්ට.... ’’

හිතුවක්කාරයා පාර මාරු වෙන්න පටන් ගත්තා. ‘‘අර අහිංසකයා ගස් බැන්දටම වෙච්චි හොද වැඬේ. .... හොදම වැඬේ .. අතර මගදි හිතුවා.... එළියට දැම්මා. ආරක්ෂාවත් නැති කළා. වාහනෙත් ගත්තා. විනය පරීක්ෂණයකුත් ආවා. පක්ෂෙනුත් පන්නලා....පුහ්... සිරිකොතේ සාමාජිකත්වය ගන්න වුණොත් කොහොමට හිටීද? ’’

හිතුවක්කාරයාගේ හිතිවිලි දිගටම පාවෙනවා.


-හිතුවක්කාරයා

Sunday, August 15, 2010

කරදියවර මංගල්ලය

ඈත පෙණුනත් නියං සායට කරවුන හේන
සිළිදු ඇවිද ගෙන ගියේ කැකිරි තියඹරා කඩන්න
වදුරන්ගෙන් ගැලවී හැංගිලා තිබුණ බටු අමු මිරිස්
ඔඩොක්කුවකට කඩා ගත්තා

ගහ මැරිලා ගහේදිම කරවුණ ලපටි බඩ ඉරිගු
පරඩැල් කඩා දතින් - කොනහමින් කාස්ටක ගති ඇතිව
තව තවත් කිරි වැදුණු කරල් අහුලන්න
හුදෙකලාව පොරබදන අතරතුර
තිබහ යන්නට දිය ඇබින්දක් හොයා ගෑටුවා

ඇණෙන නිදි කුම්බා කටුවක් ආයෙත් කකුල ට
ගලවන්න හිතෙන් නෑ ඒක රිදුමක් නෙවෙයි
ඇවිදින විට ගිනියම් බොරලු කැට උඩින්
දැනෙන වැලිපාර අවුස්සාගෙන ඉඹින දූවිලි සුවදයි

කණාටුව ගිය වැලකින් කඩා ගත්මෑ අහුරක් එක්ක
බටු අමු මිරිස් එකට දා හදන හොදි එක්ක
හැමදාම කන කුරක්කන් තලප වෙනුවට
තොටමුණෙන් ගොඩ බාන රහ දැනෙන දවසක්

දෙකංසෙන් ගැලූ දහඩිය ඇවිත් වියලිලා කරවෙලා
තොල තෙමාගන්නට තනන දිවට දැනුණේ
මිදුණු දහඩිය බිංදුවක
තිත්ත ලුණුකැටයක කරදිය රහ

- හිතුවක්කාරයා


2010.08.29 - රාවය පුවත් පතේ 18 වැනි පිටුව මෙම කවිය පළ කළා. ස්තුතියි

Wednesday, August 4, 2010

අධිවේගී පාර අද්දර හුදෙකලාව

අපි එදා බෙදා ගත් කලටි පොල්ගහ උස ගිහින්
ඒ ළගින් තිබුණ - හී ඇල වියැලිලා
දං පදුරු අතරින් අතැගිලි තුඩු මතින් ඉපිලී
කුරැලු කූඩුව දිහා බලා හිටියා මතකද?

දම් පාට පැහුණ ගෙඩි එකකවත් කැවෙ නැහැ
සර්පයින් දශ්ට කරලා ඒ නිසා නොකා ඉමු
අපට කරදරයක් වෙච්චි පොඩි නංගි බය කළා
ඒත් අපි ඇතිපදං දං කඩං කෑවා

ඒ දණ්ඩ හරි මැදදි උඩ පණින විට කෑ ගසා
ඇලට වැටුණා නෙවෙයි හරි කැමැත්තෙන් පැන්නා
ගෙදර යන්නට කලින් තෙත කොණ්ඩෙ වේලගෙන
දම් පාට දත මැද්දෙ බෝම්බු කෝටුව කඩාගෙන

කුරැලු කූඩුවත් නෑ - ඒතැන දං පදුරත් වැනසිලා
ඇලපාර වහන්නට ගත් මහන්සිය නිසා
පහල වෙල් යාය මලකඩ වෙන්න අත් හැරලා
අද ඉතිරි කද මහත අග හීනි - තනි පොල් ගහ විතරමයි

Monday, August 2, 2010