Pages

Monday, June 24, 2013

ඇයි රත්තරන්





මිල අඩුවෙමින් යනවා රන් ලෝකෙ වටේ

ඒ අඩු මිලට අපි දුන්නොත් හොඳය වැඬේ

උන් රන් වලලූ ඇ ඳ ගෙන ආවොත් දෙවැටේ

අපේ කොල්ලො කැසිනෝ යන්නේ කෙලෙසේ



අඩු වෙන මිලට රන් අත ගා නොබලන්න

දැම්මා බද්ද රන් මිල නැග තරු විසි වෙන්න

ලෙව කන දනට අතැගිලි බැඳි එක් වෙන්න

කණ කර උකස් කර වෙයි - රන් කෙ ඳි ගන්න



බදු පිට බදු දමා පාන් නැගපි හැටකට

බදු නැති රන් කුමට විකුණන්නෙ අඩුවට

රන් මිල වැඩියි ජනයා නැගෙනු නැති රට

කරපිංචා නැටි ගහව ඇස් වෙන දෙකනට



සූරා ගෙන ගනින් අප අත       ඇති පල්ල

මෝරා නැගෙන විට එය ගෙන උන් දැගලිල්ල

කාරා කෙල ගසනු නැති නම් ගෙන දොර පොල්ල

මාරා වේසයෙන් එනු දැන් ඇති රට කෙරවිල්ල

- හිතුවක්කාරයා

Thursday, June 20, 2013

ජගත් චමිල





දක්ෂයෙක් ද අනෙ මන්දා - අරුන්දිකල ඉන්න රටේ

වයංගයක් දන්නෙම නෑ - මර්වින්කියනවා වගේ



කොහෙද ඇගේ තියෙනවාද - ඉරියව් වත් රජුට වගේ

අභිනය ගැන ඉගෙනගන්න - විරවංශ දෙස බලන්න



පරින වේශ වන ආකාරය චරිත වලට - දුමින්ද පාඩමක් වේවි

හඬ පාලනයෙන් නැග ආ - ජේ.ආර්.පී. ලැජ්ජ වේවි



හාසයෝත්පාදනයට කෙහෙලිය - අධි රංගනයට චම්පික

මෑත කාලයේ දැක්වූ දක්ෂතාව වතුරෙ ගිහින්



පේක්ෂකයො කෑගහද්දි - දී මූ වගෙ නොසැලීඉන්න

අන්යාකලාප කියා - සිරිස්න වගේ අවධානයක් ගන්න



දෙන පිටපත ලෙස කියවන - ගයන්ත වගෙ කවි කාරයො

වේදිකාව හසුරුවන්න ජන බල ඇති - රනිල් වගේ සෙන්පතිවරු



නාට්ටියක රංගන බව නොපෙනෙන ලෙස රගන - ඩලස්

එකම මේකප් එකෙන් ඉන්නා ටිල්වින් -විජිත -සෝමවංස



මෙහෙම තවත් කියන්න හැකි - අපිට ඉන්න නලූවන් ගැන

එහෙව් එකේ කුමන්තරනෙන් - අපෙ අමිලයාට තැන ගිහිල්ල



හිතුවක්කාරයා



Tuesday, June 18, 2013

ඇයි බලන්නේ කලින් දැකල නැද්ද



ලංකාවේ කරී ක ඩකයන් කරි කට් ගහනු

ඇයි බලන්නෙ දැකල නැද්ද මං අහන්නෙ



ලේ බැංකුවෙ ලේ අරගෙන නරක් වෙන්නෙ

එදා වත්ද අද නැත්තේ කින්ද මන්ද



සේලයින් එකේ කෑලි වීදුරු කටු විස එන්නත්

දැන් නැතුව ද වගක් නැත්තෙ මං අහන්නෙ



ඇමරිකාවෙ කුමන්තර් නණය දැන් නැතුවද

ඒජන්තයෝ අපේ රට ගිලින්නෙ නැද්ද



ඇ ඟි ලි වලට ඉ ඳිකටු හෙම අනින් නැද්ද

නයි නලගන ගැනත් නැත්තෙ ඇයි ද මන්ද



මැති ඇමතියො ඇණ ගහපුව වෙඩි තියපුව

ගණන් හදල දූෂණයට ලක් කරපුව මතක නැද්ද



පෙල පොත් වල වැරදි නැද්ද පොල් කඩලා ගෙවුව වගේ

අද කොහෙවත් පාසල් වල සල්ලි ගන්නෙ නැද්ද



අනේ මන්ද මෙහෙම අහන එකත් ටිකක් හරිද මන්ද

සදාචාරයක් කාටත් ඇයි නැත්තේ බලමු නේද

හිතුවක්කාරයා

Thursday, June 13, 2013

කුලී මරවන්නාගේ ලියුම්කරු





ගෙල සිරකර මරන තීන්දුව දෙන විට

හිරු එළිය පමණක් ම ඇයි අධිකරණයට

තීන්දුව ලියා අත්සන් කළ පෑන

ඇයි කඩා බිම දැම්මේ යළිත් නොලියන්න



ගහලයන් බව හිතට දැනුනත් විටෙක

පිටු පුරා ඇයි ඇලෙව්වේ අකුරු උන් නමට

වීරයන් මැරී උහු ලෙය වියැලෙන බව පසට

පෙනි පෙනී නිල කබා කළේ පිරිසිදු කුමට



අතින් ගෙන පත් ඉරු දඩබිමට වැදි කළට

දඩයමක් අතරතුර අද නිවට ගොදුරක්ය මම ජඩ

සළු වසා ඇති ගැබට වැද එය දකිනු වෙනුවට

උන් පිහා දුන් පිළුනු බොජුන් වූයේ ඇයි ද මට



කවට කෙළි සිනා මිස උන් සැගව බිව් රුධිරයෙහි වග

දැනෙන්නට ඇති තනි හිතට සඟවන්න ඇති නුඹට

මේ මහා දවාලේ අන්ධකාරය දනවන්නේ භීතියකි

පත් පිටු පුරා ලියූ පෑන කඩා බිම දමන්නේ කෙලෙසද


හිතුවක්කාරයා

Tuesday, June 11, 2013

Weather Forecasts



පණේ    බය තියා ගොඩ  මුහුදට බැහුම

උනේ    අපිට විපතකි මහසෙන් මහිම

අනේ     අපොයි කියනා ජනයිනි රටම

විනේ    අපිට කොට උන් දුක දන්නේ කොහොම



වනේ     හතුරෙකුටවත් නොවෙනා ලෙසට

සෙනේ    බැඳි හිමි ගිහින් දියැවී කරදියට

පෙනේ   වෙන විපත් දුක උහුලන අපට

දිනේ    ඇවිත් ඇත වෙරළට වී වැලපෙන්ට



දැනේ      වියෝදුක හිත යට පුපුරන්න

හෙණේ   වගෙ ඇවිත් මෙ ලෙස පල දෙන්න

ගුණේ   කාලයට නැති පණ නල යළි එන්න

ඉනේ   රෙදි ලිහා දෙවියනි දෙස් දෙන්න











Wednesday, June 5, 2013

Sri Lanka


දිනමිණ ඇති කොට

ලක්බිම ද සතුවිට

රිවිර ද ලැබූ මට

රාවය නමට කුමකට



එක සේසත් කළෙමි

අවට බල රට දැහැමි

සිහිනෙනි`දු සිතමි

නුඹයැ රජ මෙම ලකඹර හිමි



සුරාවට නැත කිසි ඉඩ

සූදුව නොමැත පිල් කඩ

හැදුන තැන තැන නඩ

මරා මකවයි එරෙහි රණ හ`ඩ



අල්ලසක් හෙම ගත්තොත්

දෙපයින් ගසා එල්ලත්

යමක් කර ගනු රිසි සත්

පුදන්නේ නම් නොවෙයි දුසිරිත්



නව අත්තනුගල වනය

හම්බන්තොටට නොදුරුය

දිය - ගුවන මග නැගුමය

එයට ගත් ණය සුළුබරක්මය



යැංකියෙකු නොවීමත්

ඉන්දියාවට නොයෑමත්

චීනයෙන් ගැනීමත්

ගති රකිති අප සිරිමත්



අගනුන් සිටිති කෙළියේ

සුර පුර කේතුමතියේ

දුකට පත් වූ අව සිහියේ

පනිති ළි`දකට අකල් දිවියේ



නිසි කල පායාය සූරියා

නැත කම්පාවකට කාරියා

කළ කම් පාන දේවයා

පමා වී හෝ ලකට ඒයා



හිතුවක්කාරයා









Tuesday, June 4, 2013

නීතිය ද මේ එකෙක් බිලිගත්



කඩු ගත් රිලව් රජු වට ර ඟ නා    කළෙක

නඩු කාරයන් වෙති දුදනන් ලෙස  පසෙක

උඩු යටිකුරු කෙරෙන විපරිත වූ   දැයෙක

අඩු පාඩුවක් නැත දැන් අඳුරුය    මෙ ලක



දැරියන් කෙලෙසනා මැතිවරු යෙහෙන් වෙති

දරුවන් රකිනු බැරි මවු වරු ගැඹරට     පනිති

ගවයන් වටින බව දැක හිමි ගින්නෙහි  දැවෙති

කෙවිටෙන් ගසා බුදු බණ අදහනු           කියති



සැකපිට ගැනෙන දුගියන් හද පැලී        මැරෙයි

ඇප පිට පොහොසතුන් රෝහල තුළ  වැඡඹෙයි

අත යට කෙරුණ ගනු දෙනු දෙව ඟ න නොදනියි

අනුනට ගෙවන පව බර බව නුඹ දැන ගත යුතුමයි





හිතුවක්කාරයා