Pages

Friday, May 17, 2013

මහසෙන්


රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්ය


මර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්ය

තුමුල බලැති විකුමැති දැය මහ සෙන්ය

දන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්ය



කුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්ය

පරයන් දෙරන වනසත එය නොදකින මහසෙන්ය

ද`ගගෙට යැවි යුතු මැර ගෙට ගත් මහසෙන්ය

නිති නීතිය තමන් අත ලෙලවන මහසෙන්ය



නෙක විද බදු හොවා ජන දුක අවුලන මහසෙන්ය

ජන ග`ග පෙනෙන විට අතවැසි රුළි නගන මහසෙන්ය

දිවමන් සංවර්ධනය ඇති කළ මහ මහසෙන්ය

ඒ සැප හැර ජනයා රට පනිනු දකිනා මහසෙන්ය



හිතුවක්කාරයා

Thursday, March 14, 2013

හිතුවක්කාර පර් පශ්නය -5





හියුගෝ වාවේස් ජීවිතයෙන් සමුගත්තේය. සෝකය පළ කරන්නට මෙරටින් ගිය දෙදෙනෙකි. අමාත්යඑ විමල් වීරවංශ සහ නියෝජ්යි අමාත්යය නෙයොමාල් පෙරේරාය. විරවංශ අමාත්යරවරයා වාවේස් ගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරය පින්තූර වලින් අනාවරණය කළේ රටටය. ආණ්ඩුවේ වියදමින් ගිය නෙයොමාල් ටසිදුවූයේ කුමක්ද?

තමන් සමග එකට ගමන් ගිය සගයා මග හැර පින්තූරයක් ගෙන රටේ මාධ්යඩවලට යවන්නට තරම් විමල් ඇමතිවරයා වලස් යාලූවෙකු නොවේ.

ඇමරිකාව වාවේස් මරා දමන කුමන්තරහැ ණය කළා යැයි කියන ආකාරයට විමල් වීරවංශ මැතිතුමාගේ චරිතය ද ඝාතනය කර ඇත.

එතුමා ඇමරිකන් කලූ කෝට් හා ටයි කබා සමග වාවෙස් වීරයා හමුවට යන්නේ නැති බව අපට සහතිකයක් ඇත. උසට හරියන වෙනත් පුද්ගලයෙකුට විරවංස ඇමතිතුමාගේ හිස බද්ධ කර ඇති බව බැලූ බැල්මට පෙනෙන අතර එය ඩිජිටල්තාක්ෂණයෙන් සිදුකළ හැකි දෙයකි.

බටහිරට ගැති මෙරට ජනමාධ්යෂ මෙම කුමන්තරයකිණයට බරපතල ලෙස හසුවී තිබේ. බංකොලොත්කාර චරිත ඝාතකයා කවුදැයි හෙළිකිරීම බලධාරීන්ගේ වගකීමකි. ජාතික පර බරශ්න වලදී නොබියව පෙරට එන අප ඇමතිවරයා සම්බන්ධයෙන් පවතින මෙම ගැටලූව වහා සාකච්ඡවට නොගන්නේ මන්ද යන්න අද ඇති හිතුවක්කාර පරන්ධශ්නයයි.

Monday, March 11, 2013

ගලබොඩ අත්තේ අලූත් වීරවංස



පරණ වීරවංශ බැස යන විට තලයෙන්

අලූත්වංසලා බිහිවෙති ශාසනාලයෙන්

පරණ හැරමිටිය විසි කර අතර මගින්

ජනයෝ නැගෙති අවුලන නව හැරමිටියෙන්



ධර්ම රාජ්යිය ඇතිකර රට නගන

බටහිර කුමන්තරන අවුලණ අයි එම්එෆ් නාද

කී දාහක් දෙනා බක පණ්ඩිත වී ද

මෙහෙමද ගෙවෙන්නේ දෙරනේ කල දවස



සිංහලයට වින කරන බව කියනා අවතාර

දකිමින් දෙවේලේ හඩ දෙන බලවේග

යහමින් නුගුන පතුරනා වැනි සේක

සිහ නද කොහි ද අද පැතිරෙන නද අතර



අවුලක් හදා පවුරක් මත නැගෙන්නෙපා

මැදහත්මග විනා අන් මග සොයන්නෙපා

බුදු හිමි දෙසූ දහමට අන් අරුත් එපා

හය හතරවත් දැන හැසිරෙනු මස් ගොබ රටට නොපා



හිතුවක්කාරයා

Thursday, January 31, 2013

සුධී මතුනි



වැ`ද වැටෙන විට පස්සට ගහන්න වැරෙන්

පුපුරන්න - රතු පාට ලේ වැගිරෙන්න

යනෙන විට මහ මග මට දැනේ

මා මෙන්ම උන් ද මනාපය පළ කළ බව උන්ට



ඇමැතියෙක් නැති ටිකට සීනි වියදම මෙතරම්ය

දැන් ඉතින් සීනි කා කහට බීවා හමාරය

උන් පටන්ගනු ඇත සීනි සංවර්ධනය

දිවි නගන මග කියා ගෙවතු වැවුවා වගේ



මත්තලට ගුවන් තොට - කෝ එතැන ඇමතියෙක්

වරායක් හැදුවා නෙව ද කලකට කලින් එහි ම

නැති හෙයින් ඇමතියෙක් - නැවක්වත් නැති වරායක

දියුණුවට මග නෙව එහිද පත් කළහොත් යමෙක්



සෙන් පතිය නුඹ පැරද යන විට නැගූ සෝපහාසී සිනා

එහෙමමය නැගුනේ - දොර වැසෙන විට අධිකරණයෙන්

එහෙව් තැන් විද හානිකර ඇති කලෙක ගුල්ලන්

ගෙවලන් මල්ල සෙලවුවත් - දැනේ එය බොල්ම බව නිතැතින්



හිතුවක්කාරයා

Monday, September 24, 2012

අසෙණිය කුසුම

 බිම බලාගෙන ඔහේ සැලෙනා
ලදලූ පත් නොතකා සරන දන
එ දලූ නැග වීරියෙන් ඉහළට
පුපන මල ගෙන සිඹී දෝතට

මලක් වී නම් පරව යා යුතු
කසල ගොඩ වැද ජරපත්ව නොව
කසල සිත ලෙද කරන නිකසල
හරසරින් ගෙන පුදා පුදසුන

උනුන් වඩවන වස් කෙසඟ දවටන
මලක් නම් ගෙන නියෙන් කොනහන
විටෙක කෙලසෙක සුවඳ දෙන්නද
නික්ම යනු මිස හනික පරවී

මලක් නම් නොව මලෙකි අසෙනිය
නොයෙක් ජඩ කම් දකින නොරටක
සුවඳ දී දන සනහන්නෙ කුමකට
වනසනුන් වැනසෙන්න පුපුරන්න මෙදියත
-හිතුවක්කාරයා

Tuesday, September 18, 2012

මාලක සිල්වා





අනේ මම ම ගස් බැද ගත්තාම විනා

මොකෙක්වත් නැහැය බැන්දේ මා ගසක

ඩෙංගු මදුරුවන් මර්දනයට නොගොහින්

කළේ වස වැරුද්දකි මං පිළිගත්තා



මැතිවරණයේ පරරුතිඵල අහ ගන්න

ගිය අතරවාරයේ මං මට ගුටි ගහ ගත්තා

මගේ පිස්තෝලෙ ගෙනැවිත් දුන්න විනා

අහිංසක දරුවො පලි නෑ මගෙ ගොං කමට



පපුව පෙරට දා ඉන්ටලිජන් මේජර්ලා

මෙහෙම කියන කොට මොකට ද උසාවියක්

ආරක්ෂක ලේකම්ගේ ගුටි කන විරු දරුවන්ට

බැල මෙහෙවර කරන බොදු බල සේනා කුමට



අනේ අකාලේයන මේ රට ජන මාධ්ය යේ

කත්තුරු වරු නැති අඩුව බරටම පැහැදිලිය

උන් සෙල්ලමට කළ හරඹය රටට ම පෙන්නා

කරපු විකාරෙට දෙයියොම බලාපියෝ

-හිතුවක්කාරයා



Sunday, August 26, 2012

පංචායුධය

රට රස්සා කරන පංචායුද      බලවේගේ

තිරිකුණාමලය අතර යන එන අතර මගේ

හදවත හිර වුණේ ඇයිදැයි සොයනු රගේ

අතරමං බව පෙනේ කතරක නිරුවතින් වගේ



ඉන්නේ ආණ්ඩුවෙ බල ගතු තනතුරක

පක්සය එක තැනෙක තනතුර තව තැනෙක

තනතුර මිසක් පක්සය රැක ගනු නොහැක

ඒ ගැන හිත හිතා හිත ලෙඩ වුන ලෙසක



පලාත් සභා තරගෙට පක්සයෙන් දැමූ

කොඩිය ලෙල දෙවා රට තොට නමක් දිනූ

තරුණා කැපී සන්ධානය පෙරට පිනූ

ගමනින් පෙනේ අසුබය පෙරමග ලකුණු



නැගෙනහිර පලාත් සභා තරගය තියුණුයි

දිනුවොත් මග නසී නැතුවත් ගෙදර නසියි

සන්ධානය දිනවන්න කළ යුතු කතා රැසයි

ගිය ගමනත් නොගිය ලෙද හැරවුණ හැටි කදිමයි



පාදඩ දේශපාලනයක සලකුණ දකිනා හින්දා

සුර සැප සහිත මග මිස නැත පංතිය පෙරදා

පක්ෂය - සන්ධාන රැක කට වට වැට බැන්දා

හදවත ලෙඩ - දුර ගමන වලකන ලද්දේදැයි මන්දා



- හිතුවක්කාරයා