Pages

Wednesday, July 3, 2013

බම්බුව තමයි

අප්ප පැන්නෙ   ජනේලයෙන්

පුතා දොරෙන්    එයාර් ලයින්

අපේ දරුවො      මහ පාරෙන්

යන්නේ විදු නැන     ඉල්ලන්



වෙන්නේ තෙල මෝරන කොට

බලය ඉහට නැග          ඇති විට

වතුරත් නැති         බඩ ගින්නට

කඳුළු ගෑස්             අපේ උන්ට



එකෙක් දෙකෙක් නම් හදලා   ගන්නයි

දෙකක් තුනක් ඇනලා   මකවා ගන්නයි

රජෙක් මිසක් නහයක් නැති බව පෙන්නයි

හුඟක් පවක් කළ ජනයිනි     විඳ වන්නයි