Pages

Friday, July 30, 2010

බස්සා

බුලත් අතට දුම්කොළයක් අරගෙන
දොහොත් මුදුන් දී වැන්දා දෙදණ නමා
නිල් කොට කලිසම නිල් වැඩි කමීසයට
ගැලපෙනමුත් දෙකකුල් තිබුණේ නිරුවත්වයි

කුඹුර කොටන හේනේ වැට අවුලන
අතරවාරයේ කිව්වේ චක්කර
තනියට සීපද වෙනුවට ගැයුනේ සමීකරණ
විභාගෙ ලිව්වා පාඩම් කෙරුවා එක එක පන්තිය ඉහල ගියා

වාසනාව ගෙදරට ආවා වාගෙයි ආණ්ඩුවෙන් ලියුමක් ලැබුණා
ගමෙන් ඇවිත් දස්කම් පෙන්නුව දරුවා
උපාධියක් ගන්නට යනවා
අම්මාවරු සතුටින් හැඩුවා

වල් වැදුනා තල හේනට කුඹුරට
උදලූ මහන්සියවත් නොදෙනා
වත්තේ කුලියන යන දෙමහල්ලෝ
අහස උසට අතැගිලි බැන්දා

කදුලූ ගෑස් ජල පරහාර වැදිලා
සී සීකඩ විසිරුණ පණ ගැහෙනා හදවත්අතරේ
වටකුරු වී හිස බදා වැලපෙන කදුලක්
අර නිල් කලිසමමයි - රතු ලේ පාටින් පෙගිලා

Thursday, July 29, 2010

ගුරුද්දා විග්ගරහය - 2 යස ද නොවෙන - මනමේ ද නොවන විට

සුබ සහ යස කතාන්දරයේ හැටියට දොරටුපාලයාට රජ වෙන්නට අවස්ථාවක් හිමි විය. එය ඓතිහාසිකව පැවරුණ නමුත් සුබ කුමාරයා තුන් හිතකින්වත් අපේක්ෂා නොකළ සිද්ධියකි. සුබ හා යස පෙනුමෙන් එක සමාන හෙයින් රජතුමා තමන් හමුවේ බලූගැතියන් වෙන ඇමතිවරු හා පරිවාර සේනාව රගනා රුගුම් සියැසින් අලූත් කෝණයකින් දකින්නට ලොබ බැන්දේය. දෙතුන් වතාවක් එසේ කරන්නට බොහොම කැමැත්තෙන් දොරටුපාලයා එකග කර ගත් නමුත් තීරණාත්මක අවස්ථාවේ දී දොරටුපාලයා සුබ රාජ නමින් රජ විය. එසේ වූයේ දොරටුව ලග හිදගෙන රජුගේ කිර් රයාදාමයන්ට හිනා වූ දොරටුපාල රගපෑමට කැමැත්තෙන් සිටි හැබෑ රජ්ජුරුවන්ගේ හිස ගසා දැමීමෙන් අනතුරුවය.

මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දී සිය වල්ලභයා මරුමුවට පත් කළේ තීරණාත්මක අවස්ථාවේ දී කඩුව ඉල්ලා සිටින විට කඩු කොපුව මනමේ කුමරුන්ටත් හා කඩුව වැදි රජු දෙසටත් පැති මාරු කර පිරිනමන්නට ගත් ක්ෂණික සිතිවිල්ල නිසාය. මේ සිතිවිල්ල එන්නට ඇත්තේ මහා ඝන වනාන්තරයේ වැදි රජු සමග හුදකලාව සටනකට සිය කුමාරයා පිවිසි නමුත් හැබෑවටම දන්නා ස්වාමි පුරුෂයාට වඩා මේ පෙනෙන හැඩි දැඩි මිනිසා නිර්භීත බව අවබෝධ කරගත් හෙයිනි.

දොරටුපාලයා රජ වෙන්නේත් - වැදි රජුට මනමේ හිමි වන්නේත් උරුමයෙන් පැවරුණ රාජකීයත්වය වෙනුවට අලූත් ආකල්ප හා අලූත් දැක්මක් ජාතියට පකාශවීමේ සැබෑ උවමනාව ස්වභාව ධර්මයෙන්ම නියම වූ හෙයින් බවට සැකයක් නැත.

ඉතිහාසයේ අවස්ථා යළි මැවෙන නමුත් එහි නියම මොහොත අනුව තීන්දු ගන්නේ නැති බවක් පෙනෙන්නේ නම් රටට අලූත් ජවයක් පරන් බෝධයක් අපේක්ෂා කළ නොහැකිය.

අභ්ය‍න්තර කැරැල්ලකින් අනතුරුව පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස පොළඹවන ලද එක් අවස්ථාවක නායකත්වයට එරෙහිව යාමේ පාපයක් බව පරද එකාශ විය. ලෙන්ගතු අණ පිළිපදින්නා මිස මෙහෙයවන්නා වීම තමන් සතු බලවේගය බව නොවන පක්ෂයේ සියල්ලෝම පිළිගෙන සිටියහ. අවසානයේ දී කැරළිකරුවන්ට නායකයෙකු සොයාගත නොහැකිවීමෙන් කැරැල්ල දියවී ගියේය.

පරාජයවන හැම අවස්ථාවකම නායකත්වයට එරෙහිව අභියෝග මතුවන නමුත් ඒ සියල්ල වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නෙක් නැත. නායකයා පන්නා දැමිය යුතු බවට ඝෝෂා කරන කිසිවෙකු මීළග නායකයා කවුදැයි කියන්නේ නැත. ඒ තනතුරට තමන් සුදුසු බව එක හිතින් තම තමන් ම හිතනනමුත් එකතු වී පුද්ගලයෙකු නම් නොකරන්නේ මන්ද?

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට වැඩ බලන නායකයෙකු පත්කර විදේශ ගත වන්නට පක්ෂයේ නායකයා තීන්දු කළා පමණක් නොව එය පරා ගතයෝගිකව සිදුකර මාධ්යක මගින් ද අනාවරණය කළේයග එහි හැබෑ අර්ථය කුමක්ද? එක්සත් ජාතික පක්ෂයේ දොරටු පාලයන් මෙන්ම සටනට පිවිසි විට අඩු තරමින් කඩුව වෙනුවට කඩු කොපුව දෙන්නටවත් සමතෙක් නැති බවය.

සාතිශය සංවේගය එය නොවේ. මේ සියලූ වේදනා සංසිද්ධීන් දරාගත නොහැකි ජන කොටසක් ද ලංකාවේ සිටින බව ඔප්පු වීමය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ සිය දිවි නසා ගෙන එක්ව ජයගනිල්ලායැයි අභියෝග කරන්නට රියන්සි අල්ගම මහතා ඉක්මන්විය.

දේශපාලකයන් වනාහි හොරුන්ල වංචාකාරයන් අල්ලස් හා පගා ගන්නා වැදගම්මකට නැති පිරිසක් හා සමාජයේ කිසිම බුහුමනකට ලක්විය යුතු නැති පිරිසක් බව අර්ථ දැක්වෙන යුගයක ඒ දේශපාලනඥයන් වෙනුවෙන් හා ඒ දේශපාලන කරයක මය වෙනුවෙන් ජීවිතය පුදන්නට ලාංකිකයෙකු ඉදිරිපත්වීම මෙරට ඉතිහාසයේ දැවැන්ත අවස්ථාවක් නොවේද?

දොරටු පාලකයන්ටත්ල මනමේලාටත් ඒ අතුල්පහර හොදටම ඇතිය.



- වරද්දාගත් ගුරු විසිනි
මේ හිතුවක්කාරයා කියවන ලද යහපත් රවනයක් කිවයන්න. සන්නස වෙබ් අඩවියෙන්.

Tuesday, July 20, 2010

රඹුටන් වගේ ජීවිත

බැද්ද අද්දර හින්නි කොස්ගහ
එයට එපිටින් වැඩුන රඹුටන් පැලේ
අතුවිදා මහ ගහක් වි පීදුනා තනි හිත වගේ
සරන සියොතුන් නතර කර අතු ඉති දිගේ

කොළපාට අතු වටා රතුපාට පබලු වැල්
ඇඹුල දැනුනත් අපට ඇස් වලින් රහ බලයි
ලෝබ හිත් සාංකාවෙන් පෙලෙන හැටි දැනෙයි
අයිතිකර ගන්න බැරි තාරකාවක් වගෙයි

හී මලයා එක්ක ඇවිදින්
බස් පොලේ විකුණනා රඹුටන්
මගේ තොල් පෙති දිහා බලමින්
උන් ගනී නොවටිනා මිළ ගෙවමින්

අතු කඩා ගෙඩි නෙලා පැස බහා දුර ගෙවා
ඝෝර නගරය මැදින් ගලනා මහා වාහන ගගට අතපා
කාසි උපයන තනි හිතට දැනෙන්නේ
මහ බයක් බැද්ද අද්දර මහා කලුවර වගේ


2010.08.01 රාවය පත්තරේ දහ අවවැනි පිටුව මේ කවිය අරගෙන පත්තර පාඨකයන්ට කියවන්න අවස්ථාවක් දීලා. බොහොම ස්තුතියි.

Monday, July 19, 2010

ඩෙංගු

හූනු බිජු ලොසින්ජර
ඇගිලි වැනි විස්කෝතු ද
අපට අරගෙන එදා
තාත්තා ගෙට ආව මතක ද?

සරම කැහැපට කඩා
විලුඹ තැවරුණ මඩ සූරා
හෙමින් හිස අතගා
අපේ ඇති දැගලිල්ල ඉම්බා

ඒයි ඇහුනද කියන්නේ
අම්මගෙන් විස්තර පුරන්නයි
උඹල කෑව ද අහන්නේ
තමන්ටත් දෙන්නැයි කියන්නයි

එකිනෙක දවස් ගෙවුණා
දැලි රුවුලට කලින් ගමෙන් ආවා
ණයට ගත් පුංචි ඉඩමක
අහස අල්ලන ගෙවල් හැදුවා

පොඩි දරුවන්ටත් දැනෙයි
උදේ දහවල් ගෙවෙනහැටි දැන්
පාන්දර තැම්බූ බතම
හැන්දෑවටත් රත්වෙයි

අපේ දවසක් ගෙවෙන හැටියට
අනේ උන්නා මදැයි නොසිතෙ ද
දහ අතේ ණය වී- එන විටදි ගෙදරට
කොයිල් මිස වෙන යමක් අවැසිද?


හිතුවක්කාරයා




2010.08.08 රාවය පුවත් පතේ 18 වැනි පිටුවේ මේ කවිය පළකර තිබුණා. ස්තුතියි.

කපුටු කෙටවිල්ල

අනේ දෙවියනේ අල ගන්න ගිය කල
ලංකාවේ අල ගණන් - ලාබයි නොරට අල
දුන්නත් පෝර සහනාධාරයක් ලෙස
මේ අල ගණන් යන්නේ ඇයි දෝ මෙකල

තුන් තිස් දොහේ රගපාලා අපි දන්න
එකම නාට්ටිය පෙන්වන ගිරවු ටික
රට සංවර්ධනෙන් පෙරටම යනවා කිවුවත්
මේ නම් පෙරෙන්නේ රෙදි පල්ලෙන් ඒවා

අපේ බඩගින්න ගැන හිතකවත් නැති
උන් හැමදා අපට පෙන්නන්නට වවති
අතින් යනවා ද වියදං ඇමති නිසා
මෙහෙව් අය රජකරපු අපිටම කොට කපුටෝ

රජු ගෙදර යැවීම නොහොත් ජෙනරාල් ගේ මහා අපරාධය

විධායක ජනපති
ඒතැන මං හිටියා දැං ඇති
විධායක අගමැති
තැන ලැබුණොතිං අන්න යහපති

මං ගෙදර යන දිනයට
දිනෙන් දින ලංවෙනවා දැනෙයි මට
එහෙම අය එක් කොට
හදමි සංගමයක් දිනුම මට

එහේ හිටියත් ගැටුම්
පැරදෙන තරමට පද ඇනුං
දෙපිළක හිටි නමුත්
උන්දැං දැං මං එක්ක ඇගලුං

පණට පණ දෙතහැකි
දෙන්නාටම සැපෙන් හිටියැකි
නම විතරක් වෙනස් සං
නුඹ විපක්ෂය මට පක්ෂ ඇති

වදින විට ගල් මුල්
හැරදා ඉන්න අදහස හැම කල්
පවතින්නට හැකියැයි හිතං
පුටුව කඩනෙමි හදමි අටුවක්

දැනි නම් හැබෑමය
ජෙනරල් කළ දේ අසමජ්ජාතිය
ප‍්‍රරබා නොමරා අත ඇරියනං
අපේ මහරජු ලගදි ගෙදරය

Monday, July 12, 2010

Three day of Sri Lanka minister and after Eight days of a 79-year-old woman

Three day of Sri Lanka minister and after Eight days of a 79-year-old woman

A 79-year-old woman was rescued by a group of fishermen

A 79-year-old woman, who went missing from May 8 during a pilgrimage to the Somawathi Temple, Polonnaruwa was found from a jungle after eight days, police said. She was lost in the jungle during the floods that wreaked havoc in Polonnaruwa recently.

Accordingly, the woman from Wariyapola in the Kurunegala district was rescued by a group of fishermen. Soon after that, she was admitted to the Polonnaruwa hospital with some bruises in her body. However, hospital authorities said that she was in healthy condition.

The victim had told the police that she survived in jungle without any food for eight days drinking only water.

After torrential rains resulting flash floods ravaged the area of Somawathiya Temple in Polonnaruwa stranding thousands of pilgrims and vehicles. Several persons were reportedly killed as a result of the ensued stampede in the temple.
Nearly 400,000 devotees who came in around 30,000 vehicles to participate in a special mammoth religious offering at the historic temple on May 8 and 9 were trapped as a result of floods caused by heavy rains. Over 25 persons were hospitalized and some were missing for days.



Sri Lanka minister begins 'fast' outside UN office
A Sri Lankan Cabinet minister Housing Minister Wimal Weerawansa has ended a three-day fast aimed at forcing the United Nations to abandon an investigation into war crimes allegedly committed during the final months of the country's civil war.
He accepted some cup water offered to him by President Mahinda Rajapaksa to end his fast in a hut outside the UN office and was taken away by an ambulance to a hospital souses say stopping on the way for a Sugar burger at Odel. Minister Weerawansa ordered a ‘chicken sugar daddy’, demanding that they hold the pickles, since they were unpatriotic.
Talking with his mouth full, Weerawansa claimed that he actually wasn’t ending his fast, but merely taking a break as the doctor had ordered. He also said that as the leader (and member) of the National Freedom Front he jolly well had the freedom to fast if he wanted to, and due to health reasons he would be fasting unto death for two days of every week until the UN Secretary General dissolved the advisory panel on Sri Lankan war crimes. However, he also stated that it was his right to fast every other day instead if he got a bit peckish.
The BBC's Charles Haviland in Colombo says Mr Weerawansa is lying alone on a mattress on a bed near the main gate of the UN office. Opposition parties say the protest is shaming Sri Lanka Several Buddhist monks are also there and have given blessings to the demonstration.
"I am starting a fast till death. Only when the accusations of war crimes are withdrawn and the [UN] panel abolished, I will stop this [the fast]," Mr Weerawansa said.
Opposition parties say they fear the events will bring shame and disrepute on Sri Lanka.

by Hithuwakkaraya

Monday, July 5, 2010

Police in Sri Lanka - පොලිසියට බාගෙට ආචාරියාට හොදටම

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් - ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි. ඒ පොලිස් නිලධාරියා ගමේ අපටනම් රාළහාමිය. කොට කලිසමක් හැද බැටන් පොල්ලක් ද අතින් ගෙන බයිසිකලය තල්ලූ කරගෙන එන රාළහාමි ගමට අමුත්තෙකි. එපමණක් ද ඉතා කලාතුරකින් හොරකමක් මංකොල්ලයක් සිදුවු අතර මේ එන රාළහාමි ඒ සියල්ල හොයා බලා වරදකරු විලංගු දාන්නටත් සමත්වූවා නොවේද?

දැන් කලිසම දිග් වී අතට ටී පනස් හයකුත් ලැබී ඇත. යන්නෙ එන්නේ සයිරන් වැදෙන කාර් වලින් හෝ වැඩි බලයක් ඇති යතුරු පැදි වලිනි. එහෙම නමුත් හොරකමක් ඇල්ලූ දවසක් නැත. සුලූ හොරකමක් නම් අවාසිය විදගෙන හිත හදාගැනීම මැනවි.

මේ පොලිසියේ මෑතක සිට විත්තිකරුවන් සිරමැදිරියේ එල්ලී මියයයි. එල්ලා පහරදී හුස්ම අල්ලා ගන්න බැරිවෙනවිට තමුන්ගේම සරමෙන් එල්ලා දැමූ බව කටක් ඇර කියන්නේ මැරී ඇති මොන මිනිහා ද?

එයටත් වඩා හාස්ය ය නම් සැකකරු - සගවන ලද හොරකම් කරන ලද බඩු භාණ්ඩ හොයා දෙන මුවාවෙන් අතරමගදී පොලිසියට සමග වෙඩි හුවමාරුවකින් පසු වෙඩි කා මිය යාමයි. හොදටම ගුටි කා හෙම්බත්වී සිටින පොලිස් සිරමැදිරියේ මිනිහා අතරමගදී මාරාවේශයෙන් සාජන් මහත්තයාගේ තුවක්කුව උදුරාගෙන මහා වීරයෙක් වෙන්නට හැදීම අරුම පුදුමය.

මේ නිසා කුඩු කාරයාගේ සිට වාහන දඩ මුදලක සිද්දියකට සම්බන්ධ පුද්ගලයෙක් පවා පොලිසියට ගොඩ වෙන්නේ ඉස්සර සිරිපාදේ ගිය ආකාරයටය. එනම් තමුන්ගේ දේපොල පවරා අන්තිම කැමති පත්තරයත් ලියා නීතීඥයෙකුට බාර දීමෙන් පසුවය.

ලූනාව පමණක් නොව මෑතකදී කොට්ටාවෙන් ද සිදුවූ අමිහිරි සිද්ධි - පොලිස් සේවයේ නුගුණ පමණක් දකින අපට ඇහැට ඇගිල්ලෙන් ඇන පෙන්නූ කණගාටුදායක සිදුවීමිය. මේවා ගැන මාධ්ය් හා විද්වත් මිනිසුන් මහ හඩින් කතාකර පෙන්වා දුන්නත් කිසිවෙක් කිසිම හා හූ වක් නැගුවේ නැත.

වාසනාවකට පොලිස්පති ආචාර්ය උපාධියකට හිමිකම් කීවේය. ඉගෙන ගන්නට ගිය ගමන් ඉදිරිපත්කළ ආචාර්ය නිබන්ධනයට රුසියාවෙන් උපාධියක් දී ඇත. දැන් එතුමා කතා කරන්නට පටන්ගෙන තිබේ.

මට්ටක්කුලියේ කුඩු කාරයෙක් අල්ලාගෙන ඇත. මේ කුඩු කාරයා ඇල්ලීම ගැන ආරුලූ බූරුලූ ආණ්ඩුවේ විතරක් නොව පුද්ගලික අංශයේ රුපවාහිනී නාලිකා සියල්ලම පරලූ කාශ කර ඇති බැවින් පසුබිම අවශ්යශ නැත. දැන් ආචාර්ය පොලිස්පති කියන්නේ මේ කුඩු කාරයා ගෙදරදීම අත කපාගෙන ගිය හෙයින් පොලිසිය විසින් රෝහල් ගත කරන ලද බවයි. එපමක් නොවේ උන්නැහේ රාත්තිරියේ සිට අලූයම දක්වා එහි ගැවසී ඇත. මේ නිසා පොලිසිය විසින් මට්ටක්කුලියේ ගෙවල් වලට පහර දී අලාභානි කර නැත. මට්ටක්කුලියේ දුප්පතුන් විසින්ම තමන් අමාරුවෙන් හදා ගත් ගෙවල් වල වීදුරු හා වටිනා කියන දේ පොඩි කරගෙන තිබේ. ඒ පොලිසිය අපකීර්තියට පත් කරන්නටය.

අනේ අප්පච්චියේ මෙහෙම ආචාර්යවරු. එලිවෙනකම් හිටි මිනිහාට මේ ගෙවල්වල වීදුරු පොඩිකරගන්නා සද්දය ඇහුණේ නැද්ද? ඇහුණා නම් එළියට ඇවිත් තමුන්ගේ සනුහරයට විරුද්ධව මට්ටක්කුලියේ මහා කුමන්තරුණ ණයක් වන බව දැන ගන්න තිබුණා නේද?

පොලිසියකුත් නොවෙන පොලිස් පෝස්ට් එකක කුඩු කාරයෙකුගේ පලහිලව්ව අවසන් වූයේ තුන්සියයක් පමණ පිරිසක් ගෝනි බිල්ලන්ට පෙන්වමිනි.

පරසන ජාතන්තරසියවාදී රටක ගෝනි බිලි සංදර්ශන පවත්වන්නට ඉඩ දෙන්නේ අහිමිවෙන ජී එස් පී දිනා ගැනීමේ පරම චේතනාවෙන් විය යුතුය.

එහෙම නැතිනම් ගම් පිටින් පිට්ටනියට දක්කා සැකකාරයන් හොයන්නට පොලිසියට බලතල දුන්නේ කවුද? එහෙම අදුනාගත් සැකකරුවන් පොලිස් බස් එකකින් රෙදි වැරහැලි වලින් වසා මහේස්තරාෙම ත් හමුවට ගෙන ගියේ හදුනාගැනීමේ පෙරෙට්ටුවකටලූ. අනේ කාට කියන්නද?

ඉස්සර කාලේ කතාවට අනුව නම් ආචාරියා හිටගෙන හුජ්ජ කරනවිට ගෝලයා කරන්නේ දුවා දුවාය. දන් කාලයේ දුව- දුවා කරන දේ හත් පොලේ ගාගන්න මෙහෙම ආචාරියා ලා සාමය ආරක්ෂා කරනවාද නැත්නම් තමුන්ම සායම ඇරගන්නවාදැයි පරික්ෂා කර බැලීම රටේ නායකයන්ගේ වැඩකි.

මහොෂධ

Thursday, July 1, 2010

Budget in Sri Lanka -වැය අය


රටේ වැදගත්ම ලියැවිල්ලක් යැයි හිතලා
මෙච්චර දවස් අයවැය කියැවෙව්වෙ රජා
හයමාසයකට පසු ගතවන මේ අවුරුද්දේ
ආචාරියා බින්දා කුණු වූ පුස්සක්

ගත් නය ගෙවන්නට අලූතින් ණය ගන්න හැටි
පටිතද කර බදු වැඩි කර ගැට ලෙහුවා
කාට කියන්නද නඩු නැති අපේ රටේ
මේකයි චින්තනය නම හත්වැනි මහින්ද ලූ

හිතුවක්කාරයා