Pages

Monday, October 24, 2011

හැරවුම් ලක්ෂය

පින්සර ගරු සමිද උඩුවේ හිමි අද කොයි ද
අම සර නැගූ හිමි රතන නිහඬව ඇයි ද
විදු සර බිනූ පිටිදුවේ හිමිට මක් වි ද
කෙළවර බොදු රජය නැග එද කවදාද

චකරවර වර්ති හිමියනි චන්දෙට වැඩි පාරේ
අද නැත්තේ මන්ද හැම තැන ඇත අවරේ
පින් බිම ගිලී ඇත බියකරු ගන අඳුරේ
තනිව නිවන කිම දන තනිකරදා කතරේ


කහවනු බිම අතුර සග මාලිග තැනෙන සමේ
නාමල් අරණ ගැන ටෙලි හැදෙන පින් බිමේ
මැඩෙන තැලෙන පෑගෙන දන දෙස සොවිනේ
ගනු කහ සිවුර අවුලමු එය උඩු ගුවනේ



හිතුවක්කාරයා

Sunday, October 23, 2011

ගඩාෆි දුන් ඔවදන


කරේ අත දාන හිටියා මිතුරාන
වරේ එනවිටදි එරෙහිව මරුවාන
පුරේ වරුණ දී නැති කිසි රැකවරණ
දොරේ දනුව- දිනයක් එයි අතපාන

රජකම් කරන විට කළකම් යටවේය
කළකම් අනුව අවසන මරැ හමුවේය
සැළකුම් ගුණ වැනුම් ගී මැද රජ වේය
නිසි නම් යන්න - නොගියොත් මේ වෙන දේය

දෝතින් ගෙන නිතින් සලකන මිනිසුන්ය
සුපසන් ලෙස බැතින් ඔසවන්නේ උන්ය
නිතියෙන් හිස කෙළින් කරගෙන කරපන්ය
වැනසෙන් නට කලින් සැනසෙව එය ගුණය

හිතුවක්කාරයා

Wednesday, October 19, 2011

එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක

හිතුවක්කාරයා ගේ අසෝබන කතා - 3

එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක


හිතුවක්කාරයා පාරට බැස්සා. ‘‘කොහෙද මේ යන්නේ‘‘ ගෙදරින් අහන්නෙ හීනියට හිනාවෙවී. ‘‘ ඇයි ගියා නේද කොළඹ පරද්දදන්න.‘‘ කියල නොකියවෙන මේ හීන් හිනාව මහා හිත් වේදනාවක්.

යන්නෙ කෙහේට ද නිනව්වක් තිබුණෙ නෑ. අපේ නායකතුමා වගේමයි. නාහෙ ලඟටම වතුර ගලා. පෙවෙන නොපෙවනෙ තරමයි. හැබැයි හිනාවෙලා කියන්නෙ අපි දිනුවා කියලා. දිනුව නේනඤං කියන්න හපං ගොයියෙක් නැති හැටි. ඒකත් උන්නැහේගෙ වරද. හරි හමං ගෝල බාලයෙක් හදා ගත්ත නං අද උන්නැහේට ලඹ කැටේ අල්ලන්න ඉන්වා නෙව.

වදෙන් පොරෙන් සෙනග අස්සෙන් පීරගෙන ඇවිත් වැටුණෙ මහින්ද මහත්තයගෙ ඔපිස් එක කිට්ටුවට. බදාදා නැකැත් දවසක් නූනට මෙන්න හැන්දෑවෙ වාහන ගොඩයි. හිතුවක්කාරයාත් එයින් එකකට මැදි වුණා.

ජයවේවා කියන්න එකෙක් නෑ. හැම මූණක්ම තලා දාලා වගෙයි. වෙයි කියල හිච්චක්වත් හිතපු දෙයක්ද? මුලූ රටම අකුලගෙන යද්දි කොළඹ නොහෙල්ලූනේ ගෙවල් කඩනවයි කියන එක වචනෙකට නෙව.

‘‘අපේ රනිල් මහත්තයා සැට් උණා නේ. ........ ‘‘ හිතුවක්කාරයා මහරුෆ් මහත්තයාගෙන් කෙලින්ම ඇහුවා.

‘‘ එහෙම තමයි වෙන්ඩෝනෑ. අපි ඇහුවෙ පක්ෂෙට දුන්න සල්ලි ගැන විතරයිනෙ. අපි යන්න කිව්වෙ නෑ.‘‘ මහරුෆ් හිනා වෙනවා.

‘‘ඒ කිව්වෙ.‘‘ හිතුවක්කාරයා නෝට් බුක් එකයි පෑනයි ගත්තා.

‘‘ලියා ගන්නෙපා........ එයා එහෙම හිටපුවාවෙ. ආයෙ ජනාධිපතිවරණයකට ගන්ට. අපිට එතුමත් එක්ක ගැටුමක් නැහැනෙ.’‘

‘‘ ඒ කියන්නේ ජනාධිපතිතුමා..... හිතුවක්කාරයාට කතාව අහවර කරන්න උණේ නැහැ.

‘‘ මම කියැව්වෙ රනිල් ගැන. ........රනිල් මහත්තයා පක්ෂයේ ඉන්ටෝනැ. මොන නායකත්ව මණ්ඩලද? එතුමා හිටිය නං නාමල් බේබි ඉල්ලූවත් පරඉන්ශ්නයක් නෑ. .........මහින්ද මහත්තයා ඉල්ලූවත් කිසිම වැදගත් පරත් ශ්නයක් නෑ.‘‘ මහරුෆ් මහත්තයා මහ පලල් හිනාවක් දැම්මා.

‘‘එතකොට‘‘

‘‘ පර් ශ්නෙ තියෙන්නෙ පාක්ෂිකයන්ට නේ.....නේද මල්ලි’‘ මහරුෆ් කියනවා.

‘‘මට හිතා ගන්න බැහැ..‘‘ හිතුවක්කාරයාට කියැවුණා.


‘‘දැං බලන්න මිලින්ද මහත්තයා එයා ලඟින් හිටියා. ....එයා දැං නෑ. අපිත් නෑ. ......මිලින්දත් විපක්ෂ නායක. රනිල් මහත්තයත් විපක්ෂ නායක. පක්ෂයට පර.. ශ්නයක් නෑනේ.... මහජනතාවත් මේවා තේරුං ගන්ඩෝන. පරං ශ්නයක් තියෙනව නං අපි කතා කරල විසඳ ගනිමු.‘‘

පරයෙ ජාතන්තරසෑනවාදය..... අයෙත් හිතුවක්කාරයා මාතෘකාවක් ගත්තා.

‘‘ මල්ලි..... කොළඹ නගර සභා ඡන්දය අහවරයි. මහින්ද මහත්තයාත් ආසන සංවිධායකයො පැන්නුවා. රනිල් මහත්තයත් එහෙමම කළා. .....දෙන්නම දිනුං නෙව. වැඩිය හිතන්නෙපා.‘‘ මහරුෆ් කතාව ඉවර කළා.

අලූත් විපක්ෂ නායක ට අත දීලා ආපහු හැරුණ හිතුවක්කාරයා ගේ හිතේ චලන චිත්තර හිනා දෙකක් එහා මෙහා වෙනවා. එකක් මහරුෆ් ගෙ පලල් හිනාව. අනෙක ගෙදරින් එළියට බහින වෙලාවෙ .... මතකනේ.... ඒ හීනි හිනාව.

Tuesday, October 18, 2011

මනෝජ් ගේ දේශපාලන ලෝකය

භාරතගේ තුවක්කුවෙන්
ගිලිහුණ ගිනියම් උණ්ඩයක්
කැරකි කැරකි කැරකි කැරකි
තිබිලා

හීතල වූ ඒ උණ්ඩය
මනෝජ් අබයදීර යන්ගෙ
ඔලුව කිඳා බහින ලෙසට
මොලය වෙනස් කරලා

අනේ අපොයි දිවයින ටත්
වසුරු රහම දැනිලා


හිතුවක්කාරයා
2011.10.19 දිවයින මනෝගේ දේශපාලන විග‍්‍රහය කියවන්න

Monday, October 17, 2011

විපක්ෂ නායක ඇමති වෙතටය

ජනී ජනතාව දුක්වෙති දෙස් තබති
තැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිති
ජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිති
යුද ගිනි නිවුණ රට බල - දොර දොර ඇවිල ඇති

අත් පා නිදහස් ය එද එහි බැඳි විලංගුය
මුකවාඩම නොමැතිමුත් වියතුන් නම් ගොලුය
දෙස බස රැස රකින සඟ වෙද ගුරු නැති ලෙසය
ගොවියන් - කම්හලේ නයුවන්- නගුල ට බැඳය

රට කරවන ලෙසින ජනයින් පත් කරති ජඩයන
උන් බලයෙන් මත්ව නීතිය ගෙන රගති හෙලුවෙන
කරතොත් කරව හරියට නැතිනම් පලයැ කියැවෙන
බස රකිනා ලෙසට හැසිරෙන මොවුහු වනසව

කැබලිකර විකුණාය මවුබිම රහසින් නොරටුන්ට
ණය බර ඉතිරි කර ඇත දෙරණේ දරුවන්ට
රහසින් වත් මෙවැනි පාලනයක් පෙරලන්ට
නොපතන රනිල් පත් කරමු ප‍්‍රති ඇමති කමකට


හිතුවක්කාරයා

Monday, October 10, 2011

හාරත දේසයේ භාරතලා

පහතින් පෙනෙන ආගාධය දෙස නොබලා
මොහොතින් ගැස්සුවා සද්දය නොඑන ලෙසා
උන් පැන ගියා ජීවිතයෙන් හනි හනිකා
එකටෙක ගිනි කෑ අනෙකා ද තනිවී ඇත මෙදෙසා

උනුන් කළ දේ ම උහු අරගෙන යාය
කුඩු පෙලපත රකින මැතිදෝ රජ වේ ය
උස් අණ නිසා කුඩු කෑ අය රැකි සැවොම
අඩුවක් නැතිව වගකිව යුතු වේ බෝම

දන ට දෙති බෙදති නිති සුද හැද සිටිති
මිළ කළ නොහැකි වාහන ඇතිව හැසිරෙති
උනුන් වෙසෙන සත් මහලෙහි බිම ගැවසි
මිනිසුනි වග බලන් - දන සනහන මැති ඇමති

සිරි ලංකාව අසිරිය මෙය ද පැතිරෙනා
දුක් ගංගාව බල මෙහි දසත ඇවිලෙනා
නැන නුවණින් සපිරි මැති නිතොර යට යනා
මේ බොර දියට මේ වැනි දැහැටි ගැලපෙනා


-හිතුවක්කාරයා

Thursday, October 6, 2011

කොළඹ


රටම නැති වුණත් කොළඹට පෙම් බැන්ද
තනිව වන සරණ වන අලියා හැට පැන්න
ගොසින් රඹුක්කන යායට ඇරලන්න
හතුරනි - මිතුරු කම අවුලා එක්වන්න

පොලේ ගොස් වලං බිඳ - බිඳකදු පලක් නොවී
දිනෙන් දින පලා යන ජවයට නිගා දුනි
රථ පෙළපාලි පිකටිං තර්ජන හෑලී
ගත ගිණිතියා දිවිදුන් නමට ද දුකකි

මාගම දෙසින් ආ නිල් දිය රළ පහර
දෙගොඩතලා රට වටකර යන කලට
මැරී එහිම පාවී යන ඇත් කුණක
ගැලී එහිම නොවැද ව - යන සයුර වෙත


-හිතුවක්කාරයා