Pages

Thursday, March 3, 2011

රැවටිල්ලට නිමාවක් - අසෝබන කතා - 3

මෙවුං ආවෙ මාව අන්දන්න. මම ඇන්දා. හැබැයි උන් ඇඳ ගත්තා. ගෙවත්තෙ ගෝවා පාත්තියේ වල් ගලවන්න ද ඟ ලන පුංචි එවුන්නෙ දැඟලිල්ල දිහා බලාගෙන තනියම කියවනවා.

‘‘ අද වැඩට යන්නෙ නැද්ද අනේ. ‘‘ මද්දුමයා ගෙ දත මැදලා චන්දයට සූදානං කරන අතර වාරයේ ගෙදර ආණ්ඩුවෙන් ගෝරනාඩුවක් ඇහුණා.

‘‘ මක්කට යනවද .....වෙක්ක මනවද ?’‘ වල් ගලවන ගමං පාත්ති පාගන දරුවන්ට හුරතලේට රැවටුණා.

‘‘ ඔය කිවුවෙ. ඔහේ දන්නවද.....රට පාලනය කරන්නෙ කවුද කියල...?’’

‘‘ ඔහේ කියන විදියට මං. ..... පෙළක් වෙලාවට මං නොහිතන විදියට .....මල්ලියා.‘‘

‘‘ ඉත්තිං වැඩට නොගියොත්? .....ඔහෙත් මෙහේ. ...මමත් මෙහේ...‘‘

ඔන්න එලවලූ පාත්තියේ හුරතල් පැත්තකිං තියලා වැඩට යන්න පාරට බැස්සා.

පුහ්.... පේමන්ටෙකේ මල් හිටවලා..... බස් යන්නෙ වම් පැත්තෙං.... දකුණු පැත්තට වෙලා ආටා කාරයෙක් නවත්තගන්ට අත දිග් කළා උන් දකුණ බලන්නෙම නෑ. දකුණු පැත්තෙ පේමන්ට් එකේ හිටගෙන හිටියට පරාළා ඩෝ- ලිමනස්- ටොයෝටා හයර් දුවන්නෙ නැහැ නොවැ.

හචා බෑග් එකත් අරං ඔපිස් එක පැත්තට ඇවිදගෙන යනවා. .....බෝම්බ, වෙඩි පත්තුවෙන්නැති රටක පයිං යනේක කොයි තරං දෙයක්ද?

මෙහේ ආයෙත් චන්දයක්ද? පයින් ඇවිදගෙන යන ගමං තාප්ප දිහා බලනකොට ඉබේටම හිතිවිල්ලක් ආවා.

කෝ....එතකොට මැතිවරණ නිරීක්ෂකයෝ.... ගැටුම් නිරාකරණය... පරතය චණ්ඩ කිරනෙ යා නිරීක්ෂකයෝ.... තනි ඇහෙන් පෝස්ටර් කියවාගෙන යන ගමන් කල්පනාවට ආවා....

නතරවුණා. දැවැන්ත සටන් පාඨයක් පාර පුරා ලියලා. .....මේ මොකක්ද? කියවලා ම බැලූවා... මුහ්.. ..... ‘‘ රැවටිල්ලට නිමාවක්‘‘

කුණු හරුපයක් කියැවුණේ නැතුවා විතරයි.

රටම රවට්ටගෙන ඉන්ඩෙක පහසු දෙයක්ද? උන් හදන්නෙ මාව ගෙදර යවන්න. .... වැඩට යමිං හිටියට අතර මගදිම රැවටිල්ලට අහුවුණා.

‘‘ අපේක්ෂකත්වය ගත්තෙ රවට්ටලා... දිනුවෙ රටම රවට්ටලා.... රැවැට්ටුව ගමන් රට රවට්ටගෙන හිටි භයානක තර්ත ස්තයන්ගෙන් කොටසක් රවට්ටගත්තා... ...පක්ෂ ඔක්කොම රැවැට්ටුවා..... එක එකා මයේ පස්සෙං ආවෙ රැවටිලා නෙවෙයිද? ’’...... අඩියක් පස්සට ගන්න ගමං පෝස්ටරේ දිහා ආපහු බැලූවා.

‘‘මයේ පස්සෙං ඇවිත් ලොකු කං ගන්න හිතං හිටියා... උනුත් රැවටුනා.......මයේ ළඟට ආවත් රැවටුණා.... නාවත් රැවටුණා.....

පැළ හිටවනවා කිව්වාමත් රැවටුණා......

භාරකාරයා විතරයි කිව්වාම ඒකටත් රැවටුණා...... .....රජ්ජුරුවො කිව්වාම ආයෙත් රැවටුණා....... ‘‘ තව තවත් හිතන්නට පටං ගත්තා.

ලෝක කුසලානෙට තරග කරන්ට දෙඤ්ඤං කිව්වාමත් රැවටුණා......තව මොන්නවද?.......

‘‘මේ රැවටිලි අහවරයක් කරන්ඩ....... එව්ව කොහෙද මාත්එක්ක........රැවටිල්ලට නිමාවක්? මම නොදන්න ව්යංගර්තෙ.....වැඩට ගිය ගමං අටවන්නං .....‘‘ එහෙම හිතාගෙන ඉක්මං ගමනින් පාර මාරුවුණා.

හෝරාවකට දෙහෙකට පස්සෙ චන්ද රැස්වීමක ගිරිය කඩාගෙන ගෝසාවක්.
‘‘ දන්න සෙල්ලං එක්කොම දාලා මහජනතාව රවට්ටන්ඩාවා.. හරිගියේ නෑ.... ඉතුරුවුණේ එක සභාවයි......මේ වතාවෙ අලූත් තේමාවක්... මම සහෝදර වරුන්ට කියන්න කැමතියි මේක තමයි රැවටිල්ලට නිමාව. ..... ඉතිරිවෙලා තියෙන තැනත් නැතිවෙනවා.‘‘


-හිතුවක්කාරයා

No comments: