Pages

Monday, May 30, 2011

විරෝධය

තුන්වැනි බලවේගෙ දෙවැනිය වෙන්න හදයි
දෙවැනියා හදන්නේ පලවැනියා වෙන්නයි
සදාකාලිකව ඉන්නට තතනන අය දැන් ඉන්නා
වෙඩි පිට වෙඩි තබා රස්සා කරයි රට

විශරාමෙට වැටුපක් - යුද පුහුණුව දරුවන්ට
ආණ්ඩුව කරන්නට යන එකම මදෑ
රට කළඹලා - හදිසි නීතිය තව දිග් කරලා
එකෙක් මරා ගත්තොත් අපි ගොඩ යනවා

හැබෑ දේ තියෙද්දී රට ගිනි ගන්නා
නිවෙන්නා හදන අඟුරට වාතය පිඹිනා
අනේ ජනමාධ්ය බලපන් - මේ රටේ හැටි
උඹලත්එකයි - අපි නොකරන්නේ දුව දුව කරන එක

හිතුවක්කාරයා

No comments: