Pages

Friday, June 3, 2011

ගාලූ පාරෙ බතල බහිනවා

කොල්ලූපිටියෙ ගාලූ පාර අලූත් වෙලා
අලූතෙන් හැදෙනා - මහ පාර පුපුරලා

කොන්තරාත් බාස්උන්නැහේ
කම්පාවෙන් බොහොම කල්පනා කළා

ගල් රෝලක් පෙරලූනා ද- දාපු සිමෙන්තිය වැරදිද
එහෙම නැතිව කාලගුණේ හින්ද ද මන්දා

වට පිට හිටි හැමදෙනාම බලන් ඉන්න අතරවාරෙ
පේමන්ට් එක ඉරි යනවා අනේ සත්තකයි

කාර් බාර් නතර වුණා - කැමරා වට කර ගත්තා
පාර පුපුරනා වග දැක හේතුව බැලූවා

මෙන්න බොලේ මෙහෙම වැඩක් පේමන්ට් පුරා දුවන
බතල වැලක්පෝර වැටිල සරුවට හැදිලා

කොලයක් හබරල වාගෙයි- මුල් ඇදිලා හතර වටේ
වැල හැදෙනා වගේ මෙන්න - ගාලූ පාර පුරා බතල බහිනවා

මග නැගුමයි - දිවි නැගුමයි දෙකම මගදි හාද වෙලා
බතල බහිනවා සත්තයි දවසක ඇවිත්බලන්න

- හිතුවක්කාරයා

ගාලූ පාරේ ස්වර්ණ වාහිනිය අසල ගොඩබිම බිම් තීරුවේ ඉඩ ඇති පේමන්ට් එකේ තැනෙක බතල වවා ඇති බව දැක ලියනා ලද බව සලකන්න



3 comments:

Anonymous said...

http://www.lankeeya.info/

Korale said...

Niyama wdae ohoma yan! ohoma yan!

සරත් ලංකාප්‍රිය said...

මේ ජාතියට කියන්න කටින් බතල කියල නේද ?