Pages

Monday, June 20, 2011

ඇදෙව් - යමව් පෙරටම එව්

සිංහාව ලෝකනය තැනූවෙනි වරෙල්ලා
මහින්දා ගමනය හැදූ නුඹ ද
අබා විරක්කාව්‍යය නිමැවූ තොප ද
එක් සිතින් එක්සත්ව නැගෙල්ලා

කිං හන්තර් තනන්නට නොව
ගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොව
රන්මිනිතැන්න ගම්මානයට වී
රූපවාහිනියට චිත‍්‍රපටියක් හදාපල්ලා

ගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වග
ගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටි
සැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්
එක සැනින් ජිවිත නැති කළ විලාසය

කෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්
ගුවන් තොට - තෙල් ටැංකි විතරක් ද
රටම කම්පා කළ දළදා මාළිගය - අම්පාරෙ හාමුදුරුවරු
හදවත් නතරකළ කැබිති ගොල්ලෑවෙ බස් රථය

ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනතාව
මේ වෙලාවට නැතිචිත‍්‍රපටි මොන ඇන්නෑවකට ද
ගනිමු අන්තිම සතයත් ණයට - යොදමු මැර බලයත්
හදමු රට ගොඩ නගන - උන් මත වරද පටවන දෙයක්

- හිතුවක්කාරයා

4 comments:

Anonymous said...

karuna inna thana mata kiyana

Charmi said...

මේක දැක්කේ පහුවෙලා... නියමයි ලොක්කා...

Charmi said...

කමෙන්ට් මොඩරේෂන් ඕනෙද? අප්සෙට් කමෙන්ට්ස් ාවොත් පස්සෙ ඩිලීට් කරමුකො. මේක ඕපන් කරලා දාන්න.

sansarasidu said...

ටිකක් විතර හිතුවක්කාර අදහසක් නොවෙද...