Pages

Thursday, June 13, 2013

කුලී මරවන්නාගේ ලියුම්කරු





ගෙල සිරකර මරන තීන්දුව දෙන විට

හිරු එළිය පමණක් ම ඇයි අධිකරණයට

තීන්දුව ලියා අත්සන් කළ පෑන

ඇයි කඩා බිම දැම්මේ යළිත් නොලියන්න



ගහලයන් බව හිතට දැනුනත් විටෙක

පිටු පුරා ඇයි ඇලෙව්වේ අකුරු උන් නමට

වීරයන් මැරී උහු ලෙය වියැලෙන බව පසට

පෙනි පෙනී නිල කබා කළේ පිරිසිදු කුමට



අතින් ගෙන පත් ඉරු දඩබිමට වැදි කළට

දඩයමක් අතරතුර අද නිවට ගොදුරක්ය මම ජඩ

සළු වසා ඇති ගැබට වැද එය දකිනු වෙනුවට

උන් පිහා දුන් පිළුනු බොජුන් වූයේ ඇයි ද මට



කවට කෙළි සිනා මිස උන් සැගව බිව් රුධිරයෙහි වග

දැනෙන්නට ඇති තනි හිතට සඟවන්න ඇති නුඹට

මේ මහා දවාලේ අන්ධකාරය දනවන්නේ භීතියකි

පත් පිටු පුරා ලියූ පෑන කඩා බිම දමන්නේ කෙලෙසද


හිතුවක්කාරයා

No comments: