Pages

Monday, June 7, 2010

නාමල

අනේ මහතුනේ මට වූ දුක බලලා
සෙනේ සිතින් මල්මාලා පළදවලා
අවුරුදු හතලිහක් මේ විදි දුක දැකලා
යන්තම් දෙන්න තව හත් අවුරුද්දක් ගැනලා

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය
අපෙ අප්පා කළේ නැති බැරි ගොයිතැනය
උන්දෑ ඇවිත් රජගෙදරට කළ මෙහෙය
හින්දා මටම ලැබුණා සෙට් වෙන ඇනය

වලව්වෙන් ඉඩක් දුන්නෙම නෑ ඉන්න
මතකද කම්කරු මකා දුන් ධීවර කොඩිවිනය
ජන මන මෙල්ල කර බැදි කුරහන් සාටකය
ගලවනු කොහොම මගේ පරපුර අතරමග

වනේ ගිජිදාය ආවොත් වැනසේය
දෙකඩ කරමි වනසමි හැම පක්ෂයම
තැන තැන පතුරුවා නම ගම ඇති බැලයන්
රැුකගමි පුතුන් දැඩි වෙනතුරු මගෙ බලය

ගිරුවාපත්තුවට පෑයු හිරුබැස යන්න එපා
රජකම අපට අන්කිසි සැපතනැත තොපටා
පින්කරවන මහතුනේ දරු දුක දැක පත්තුවෙන
මල්ලිගෙ ලෙයට වැඩියෙන් ගනකමය පුතු


හිතුවක්කාරයා

No comments: