Pages

Tuesday, October 26, 2010

විශ්ව විද්යාලය

ගනිවු යමවු පොත විසිකර ගනිවු පොලු
දමවු ඉවත හැඳිවත නොමවෙන ලෙද කිලුටු
අඳිව් නිවට තිරිසන් ලෙස තුටු පහටු
මරවු කොටවු වනසවු අනෙකෙකුගෙ බොටු

රටක් වටින දරුවන් ඇවිදින් මෙහෙට
තුටින් යමක් දැන සැනසෙනු මිස හෙටට
ලෙයින් උපන් හැඩියන් වැනි බර පවට
කුමට බිහිවිණි ද දරු - ඇදුරිඳු ලෙය ලොබට

තුමුල බලැති සිහ කුස ගිනි නැති කලට
වනේ සරන සත නොගනිති බිලි ලෙසට
යහපත් මිනිස් වග ලෙස පෑයූ රටට
අකුරු පැස තබා උගනිති දරු - මජර වැඩ

සෙනේ ඇතිව එක හිත් ඇතිව හැසිරෙනා
සුදුමුදු සුවඳ මල් සේ විකසිත වෙමිනා
රටට දැයට යහපත් ගති ගුණ ගෙනෙනා
දරුවන් කෙසේ ඇති වෙද මව් බිම මතුදා


හිතුවක්කාරයා

1 comment:

විකී said...

ගුණනැණ බෙලෙන් යුතු පුතු වේයැයි සිතුව
එකපුන් සදත් පායයි අවරින් මතුව
පින් මද නිසා සරසවියේ දොර වැසුව
‘නෙක තරු රැසේ පිහිටයි’ සිරි ලක් බිසව