Pages

Friday, February 25, 2011

පබාගේ ස්වාමිපුරුෂයාගේ සාක්කිය

ගෙදර ළඟ කානුවේ පොල් කට්ටක මදුරු පණුවෙක් බෝවීම
හාමුදුරුවනේ ඇප නොදෙන වරදක්ද ?

කහ ඉර පෙනි පෙනී මම පාර පැන්නාම හන්දියේ දී
කුණු හබ්බයකුත් අහං දඩ ගැසුං කන්ට වූයේ ඇයිද ?

මද්දහනෙදිත් කොටු නැතිව සංගෙ නැති දෑ පෙන්නන නමුත්
ටිකක් කොට කොට ගවුම ඇඳං පාරේ යාම තහනං ද ?

රජගෙදර ආදර්සෙට අරං එළවලූ වවාපල්ලා කියද්දිත්
පොලීසිය මහ පාරෙ කොන්තරත් මල් හිටවිල්ලක් ඇයි ද ?

මට මගේ පිස්තෝලයෙන් වෙඩි තියන්න දීපල්ලා
උණ විකාරෙන් වගේ කෑ ගහන ඇමතිගේ විලාපය ඇහෙනවද?

උන් කියන හැටියට රගපාන තෙක්අපූරුවට හිටි මයේ ගෑණිට
මං දෙකක් ඇන්නාම විතරක් මටත් නැති ඉස්තිරිවාදයක්? මන්ද ?


- හිතුවක්කාරයා

1 comment:

``` Outsider``` said...

පාර්ලිමේන්ට් මැම්බර් නෝන කෙනෙක් නිසා අපිට තියෙන නීති නෙවෙයිනෙ තියෙන්නෙ.