Pages

Thursday, March 3, 2011

හතරවරං ලියුං

උපුල් ජෝෂප් මහත්තයා ලියන්නේ ආණ්ඩුවට විරුද්ධව. කොතැනින් හරි ඇමක් අටවලා මහින්ද ආණ්ඩුව අමාරුවේ දානවා. ආරක්ෂා කරන්නෙ එක්සත් ජාතික පක්ෂය. දැන්නම් රනිල් එක්සත් ජාතික පක්ෂය ද නැත්නම් සජිත් එක්සත් ජාතික පක්ෂය ද පැහැදිලි නැහැ.

ආණ්ඩුව ට මේ ගුරුදා විග‍්‍රහය දිරවන්නේ නැහැ. ප‍්‍රති උත්තර විග‍්‍රහක් දැන් ලංකාදීප පත‍්‍රයේ පළකරනවා. ඒක ලියන්නේ වසන්තපි‍්‍රය රාමනායක. උපුල් ජෝෂප් ගේ මාතෘකාව පීචං කරලා ආණ්ඩුව නග්ගන එක උන්නැහේ ගේ නිත්‍ය වගකීම.

මේ ලියුං හුවමාරුව නිසා ගුරුදා විග‍්‍රහය පොඩි එකාගේ ලියුම බවට පත් වෙලා.

උපුල් ජෝෂප් මේ වතාවේ උගුලක් අටවලා. මැතිවරණ කොමසාරිස් ට හො`දටම දෙහි කපලා. ආතතිය කියන්නෙ බොරු. ආණ්ඩුවට උවමනා විධියට උන්නැහේ වැඩ කියන එක කියනවා. එහෙම නොවේ නම් අස්වෙලා පෙන්නන්න එතකොට මැතිවරණ කොමිසමටත් අවස්ථාව පැදෙනවා නොවැ කියල ඉගියකුත් දෙනවා.

දැන් අපි බලන් ඉන්නෙ රාමනායක හෙට උත්තර ලියනකං. උන්නැහේ මැ. කො. ආරක්ෂා කළොත් උපුල් කියන කතාව ඇත්ත. මැතිවරණ කොමසාරිස් කියන්නේ මේ රාමනායකලා වගේම ආණ්ඩුව ආරක්ෂා කරන ආණ්ඩුවේ නිලධාරියෙක්. එහෙම නොකළොත් උපුල් කියන කතාව ඇත්ත.

පස්සෙන් පහු බලන වෙලාවෙ උපුල් නඩත්තු කරන්නෙ කවුද කියල හිතල බලන එකත් යහපත්. රටේ නැති උපුල් ඉන්නෙ සිංගප්පූරුවේ. එයා නතරවෙලා ඉන්නෙ කාගේ අනුග‍්‍රහයෙන් ද බලමු. ඒ අනුගග‍්‍රහය දෙන එක්කෙනා කාගේ උපදේශකයෙක්ද දන්නෙ නෑ. ඒ විතරක් ද ප‍්‍රති උත්තර ලියන රාමනායක ඒ බව දන්නෙම නැහැ.

-හිතුවක්කාරයා

2 comments:

Charmi said...

බොලං අපි දන්නෙත් නෑනෙ...
හේතුව තමා සල්ලි දීලා අරං ඔය බඩකඩුත්තුව කියවන්ඩ හිතෙන්නෙ නෑ.
සල්ලි ගෙවලා ඇඩ්වටීස්මන්ට් බලන කොට මල පනිනවානේ බොස්.

සරත් ලංකාප්‍රිය said...

ඔකේ එච්චර දෙයක් නැහැ. පත්තර මුදලාලි දෙපැත්තම කාල පත්තරේ විකුණා ගන්නවා..