ජන්ද කොළේ ගෙන පොළ වෙත යන කළට
මෙන්න බොලේ නෙක විසිතුරු මග දිගට
කටින් හැලේ ඉහිරෙන මුදු වදන් කැට
දරුවන් හැළේ අඟනුන් රැවටෙන ලොබට
උනුන් කෙළ ගනිති දස බේගල් දොඩති
උඩින් සුද අඳිති දන නිති අන්දවති
තුඩෙන් පවා විස වගුරන රුපුන් වෙති
එවුන් කුමට මේ විසකුරු රටම කති
හිතුවක්කාරයා
1 comment:
උගත් දනෝ මෙනුවර සතුටින් වසන
දනිති වසුරු දුටුවිට වසුරුය හැඳින
එනමුදු කිසිදු අපුලක් නැති ඉත සිතින
හිනැහී අතින් ගෙන කති වසුරුම නිතින
Post a Comment