Pages

Wednesday, May 25, 2011

අඩන්නේ ඇයි අහස මේ තරම් කඳුලු වගුරා

ගත දැවටෙනා වැහි බින්දු හරි උණුසුම්ය
කඳුලක හැඩය ඇති වටකරු හුරු පුරුදු
හීගතුව ඒ තරමට ම නැති
දයාබරිතව සිරි සිරිය නොනතවතින වැහි කඳුල

එදත් හරියට මෙහෙම වැස්සා අහස හැඬුවා වෙන්නැති
මෙදත් එහෙමයි අහස දුකින් බරවී කඳුලූ එන්නැති
විජයගරඑහ හණයක් කීවාට එතැන තිබුණේ කඳුලූ
රතුපාට ලේ අතර වෙනසක් නොපෙනෙනා කඳුලූ

කවුරු කොතැනින් හැලූ කඳුලක් ද
කොතැනදී උණ්ඩයක දැවටී බිම වැටුණ රුධිරය ද
එකට කැළතී මග දිගේ පාවී ඇවිත් බොල් පොළවට උරාගත්
රුධිරය ද උණුහුම් කඳුල ද මේ වහින්නේ

දරුවන් හඬා වැළපෙන්නැති ඇති තරම්
අම්මලා දුක දරා ගත්තේ ඇති තරම් පාකර සුසුම්
මේ මද පවන ඒ සුසුම ම යි
කාගේ ද නොදැනෙන හුස්ම තවමත් පණ ගැහෙන

යුද්ධයක් කියන්නේ මාරාවේශ වූ හීතල රැයක් නම්
තනිවුණේ ඒ රැයේ දී මේ මහපොළව මත ගැටෙන අපි
දුක දැනෙන්නැති - හිනාවෙන්නට දැන් තතනනා හදවත් වලට
ඇයි පාරවන්නේ උනුන් හිත් විජයගරෙන හණයක් බව කියමින්

උන් හෙළන සුසුම ම අවුලා හුස්ම ලෙස පෙනහලූ පුරන
අවුව වැස්සට හුරුව කුස ගිනි දරා දරු ගිනි නිවන
අම්මාවරුන් දරුවන් හෙලූ සුසුමක නැගෙන කඳුලක
අගය දැන ගනිල්ලා - යටි හිතෙන්වත් මතකයක්නොපතන


-හිතුවක්කාරයා

2 comments:

සරත් ලංකාප්‍රිය said...

උතුරටත් දකුණටත්
කිසිදු වෙනසක් නැතිව
අඬන්නේ අහස නොව
සුවහසක් මවුවරුන්
දරු දුකින් හැඬු කඳුළු
අඬන්නේ අහස නොව
සුවහසක් බිරින්දන්
සොවින් හෙලු කඳුළු බිඳු
හඬන්නේ අහස නොව
සුවහසක් සොහොයුරන්
සුවහසක් සොයුරියන්
නැවත නොඑනා සෙයින්
උන් සොයුරු සොයුරියන්
හද සොවින් හැඬු කඳුළු

Charmi said...

හප්පා....... කාලෙකට පස්ාසෙ මතක් වෙලා තියෙන්ානෙ.........
සතුටුයි.... දිගටම ලියමු.