Pages

Wednesday, June 1, 2011

සහතිකයි - මහින්ද බාලසූරිය ගැනය

වීදි සටනකට ගැහුවා
කම්කරුවා නැති කෙරුවා

ඔලු පැලෙන්න වෙඩි තියාපු
මහින්දයා අපට එපා


අවනීතිය රජ කරන්න
බලය අතට දුන්නෙ කවුද

මැරකම් පෙන්වන්නෙ අපට
දුප්පත් අපි වහ කදුරුද


කළාපෙ අපි මේ කියන්නෙ
මේක හොඳට හිතට ගන්න

විනාසෙකට මුල පුරන්න
එපා ආයෙ ඉඩ තියන්න



විශරාමය බලෙන් දෙන්න
බියගම මළගමක් කළා

රට හදන්න ඉඩක් දෙන්න
මහින්ද දැන් ගෙදර යන්න

යුද්දය ගැන පොත පෙරළා
රටින් ගත්ත පදවි එපා

භීෂණයට රට බිළි දුන්
මහින්දයා අපට එපා

- හිතුවක්කාරයා

- මෙම කවි පෙළ පළවීමෙන් පසු ආචාර්ය මහින්ද බාලසූරිය මහතා සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය 2011-06-02 දින ගරු ජනාධිපතිතුමන් වෙත භාර දී ඇති අතර ඉල්ලා අස් වීම පිළිගෙන තිබේ.

2 comments:

Anonymous said...

Are you sure it is all about IGP?
Don't worry. He has resigned.But so many other Mahindala there.

Anonymous said...

Wonderful! "Mahinda" is the culprit ;-)