Pages

Tuesday, June 28, 2011

බොරු

නාථ දෙවියම්පල්ලා විද්‍යාව බොරු
විද්‍යාපීඨාධිපති මම කියන්නේ
කැළණියේ දැක්ම මේ තමයි
හාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්

බටහිර කියන්නේ ලෝක බොරු
චන්දයෙන් දිනූ මම කියන්නේ
අපේ කම මේ තමයි
උන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයි

මේවා ආණ්ඩුව මවන බොරු
විපක්ෂයෙ කිසි බෙදීමක් නැහැ
ප‍්‍රතිසංවිධානය මේ තමයි
අපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයි

මේ ආණ්ඩුව කෙළින්නෙම බොරු
රතු ජන බලවේගය අපේ
රැවටිල්ලක නිමාවයි මේ
ධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයි

උන් වලවල් කපයි බොරු
හැමදාමත්වැටෙන අපි
සීවරං දෙයිහාමුදුරුවනේ
සර්ව ජන චන්දය ලැබී දැනටමත් අවුරුදු අසූවයි

-හිතුවක්කාරයා

3 comments:

Charmi said...

මොන බොරුද?

Anonymous said...

අම්මපා මෙහෙව් බොරු වරුසාවක් මැද අපි මෙහෙම හරි ජීවත්වෙන එකත් පට්ට ගේමක් නේද?

Anonymous said...

i agree with you friend.our land is ruined.