Pages

Wednesday, October 19, 2011

එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක

හිතුවක්කාරයා ගේ අසෝබන කතා - 3

එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක


හිතුවක්කාරයා පාරට බැස්සා. ‘‘කොහෙද මේ යන්නේ‘‘ ගෙදරින් අහන්නෙ හීනියට හිනාවෙවී. ‘‘ ඇයි ගියා නේද කොළඹ පරද්දදන්න.‘‘ කියල නොකියවෙන මේ හීන් හිනාව මහා හිත් වේදනාවක්.

යන්නෙ කෙහේට ද නිනව්වක් තිබුණෙ නෑ. අපේ නායකතුමා වගේමයි. නාහෙ ලඟටම වතුර ගලා. පෙවෙන නොපෙවනෙ තරමයි. හැබැයි හිනාවෙලා කියන්නෙ අපි දිනුවා කියලා. දිනුව නේනඤං කියන්න හපං ගොයියෙක් නැති හැටි. ඒකත් උන්නැහේගෙ වරද. හරි හමං ගෝල බාලයෙක් හදා ගත්ත නං අද උන්නැහේට ලඹ කැටේ අල්ලන්න ඉන්වා නෙව.

වදෙන් පොරෙන් සෙනග අස්සෙන් පීරගෙන ඇවිත් වැටුණෙ මහින්ද මහත්තයගෙ ඔපිස් එක කිට්ටුවට. බදාදා නැකැත් දවසක් නූනට මෙන්න හැන්දෑවෙ වාහන ගොඩයි. හිතුවක්කාරයාත් එයින් එකකට මැදි වුණා.

ජයවේවා කියන්න එකෙක් නෑ. හැම මූණක්ම තලා දාලා වගෙයි. වෙයි කියල හිච්චක්වත් හිතපු දෙයක්ද? මුලූ රටම අකුලගෙන යද්දි කොළඹ නොහෙල්ලූනේ ගෙවල් කඩනවයි කියන එක වචනෙකට නෙව.

‘‘අපේ රනිල් මහත්තයා සැට් උණා නේ. ........ ‘‘ හිතුවක්කාරයා මහරුෆ් මහත්තයාගෙන් කෙලින්ම ඇහුවා.

‘‘ එහෙම තමයි වෙන්ඩෝනෑ. අපි ඇහුවෙ පක්ෂෙට දුන්න සල්ලි ගැන විතරයිනෙ. අපි යන්න කිව්වෙ නෑ.‘‘ මහරුෆ් හිනා වෙනවා.

‘‘ඒ කිව්වෙ.‘‘ හිතුවක්කාරයා නෝට් බුක් එකයි පෑනයි ගත්තා.

‘‘ලියා ගන්නෙපා........ එයා එහෙම හිටපුවාවෙ. ආයෙ ජනාධිපතිවරණයකට ගන්ට. අපිට එතුමත් එක්ක ගැටුමක් නැහැනෙ.’‘

‘‘ ඒ කියන්නේ ජනාධිපතිතුමා..... හිතුවක්කාරයාට කතාව අහවර කරන්න උණේ නැහැ.

‘‘ මම කියැව්වෙ රනිල් ගැන. ........රනිල් මහත්තයා පක්ෂයේ ඉන්ටෝනැ. මොන නායකත්ව මණ්ඩලද? එතුමා හිටිය නං නාමල් බේබි ඉල්ලූවත් පරඉන්ශ්නයක් නෑ. .........මහින්ද මහත්තයා ඉල්ලූවත් කිසිම වැදගත් පරත් ශ්නයක් නෑ.‘‘ මහරුෆ් මහත්තයා මහ පලල් හිනාවක් දැම්මා.

‘‘එතකොට‘‘

‘‘ පර් ශ්නෙ තියෙන්නෙ පාක්ෂිකයන්ට නේ.....නේද මල්ලි’‘ මහරුෆ් කියනවා.

‘‘මට හිතා ගන්න බැහැ..‘‘ හිතුවක්කාරයාට කියැවුණා.


‘‘දැං බලන්න මිලින්ද මහත්තයා එයා ලඟින් හිටියා. ....එයා දැං නෑ. අපිත් නෑ. ......මිලින්දත් විපක්ෂ නායක. රනිල් මහත්තයත් විපක්ෂ නායක. පක්ෂයට පර.. ශ්නයක් නෑනේ.... මහජනතාවත් මේවා තේරුං ගන්ඩෝන. පරං ශ්නයක් තියෙනව නං අපි කතා කරල විසඳ ගනිමු.‘‘

පරයෙ ජාතන්තරසෑනවාදය..... අයෙත් හිතුවක්කාරයා මාතෘකාවක් ගත්තා.

‘‘ මල්ලි..... කොළඹ නගර සභා ඡන්දය අහවරයි. මහින්ද මහත්තයාත් ආසන සංවිධායකයො පැන්නුවා. රනිල් මහත්තයත් එහෙමම කළා. .....දෙන්නම දිනුං නෙව. වැඩිය හිතන්නෙපා.‘‘ මහරුෆ් කතාව ඉවර කළා.

අලූත් විපක්ෂ නායක ට අත දීලා ආපහු හැරුණ හිතුවක්කාරයා ගේ හිතේ චලන චිත්තර හිනා දෙකක් එහා මෙහා වෙනවා. එකක් මහරුෆ් ගෙ පලල් හිනාව. අනෙක ගෙදරින් එළියට බහින වෙලාවෙ .... මතකනේ.... ඒ හීනි හිනාව.

No comments: