Pages

Thursday, August 23, 2012

වරා වැව





ගරා වැටෙන්නට යන දෙවොලකට වැද

වරා වැව තනිව කරගෙන බැඳ හාද

ජනී ජනයන්ගෙ දුක ගැන නගන නද

කොතෙක් දුර යා ද නොපෙනෙත බැද්ද මැද



ඔහොම එකතු කළ නයුවන් රට දන්නා

ගැල් බැඳි බාන සේ දර දිය ඇද දුන්නා

උන් ගැල ලිහා තනිකර කතරට පන්නා

තනි මංසල රකින තනි අලියා අද ඉන්නා



ෆොන්සේකා සරත් සිල්වා වැනි රට පිළිගත්

මැතිවරු සිටි මහතුන් ලෙද පුරවා රා බීගත්

රා කල පෙවූ තුමා - රට පෙරලනු නැති නිය දත්

මුට්ටිටය සොයා ගෙන ඇත සුපුරුදු ලෙස කවදත්



දෙදහස් දහ හතරෙ නැවතත් ජනපති වරණේ

එළැඹෙන විට වරා වෙයිරටටම පොදු වරුණේ

වරා පරාජය ව අසරණ වන දින දකුණේ

හලා හල විෂ නැවත පක්ෂයෙ වැඩෙනු පෙණේ



හිතුවක්කාරයා

2 comments:

Charmi said...

වරාවැව :)

(උඹ තාම යහතින්.... සතුටුයි බං මෙහෙමවත් දකින එක)

මාතලන් said...

Supiri