Pages

Thursday, May 31, 2012

හිතුවක්කාර ප‍්‍රශ්නය 4





කොයි ආණ්ඩුවත් එකයි.
උන්ට ඉහලින් යන එකාට කොටන්න....
මර්දනය නැගෙන්නෙ එහෙම. සුදු වෑන් එකෙන් ආවත් මර්වින් නියායෙන් නැගිට්ටත් ආණ්ඩුවේ හස්තය ඒකමයි. මේ කාරණේ තේරුං ගන්න සමාජයට ගැටෙන්න ඇහැකි. ගැටුනොත් විනාසයි. පවතින්න කරදරයක් නැහැ. විපක්ෂ නායකයා අපූරුවට නඩත්තු වෙන්නෙ. සම්පූර්ණ පක්ෂයම නැගිටලා ඇවිත් සිරිකොත ට ගල් ගැහුවත් එතුමා සනීපෙන්. එහෙම වෙන්නෙ දෙගොල්ලොම එකතු වෙලා ජීවත්වෙන ක‍්‍රමයට ඇතුලූ වුණාම.


අවාසනාව කියන්නෙ බුද්ධිමතුන් කියන කණ්ඩායමත් හෙමෙන් දැහැමෙන් මේ ක‍්‍රමයට හේත්තු වෙනවා. අපට දැනෙන්නෙ නැහැ. පත්තර කතෘවරු බවට පත්වෙලා හිටියෙ පතාක යෝධයෝ. එතුමන්ලාට මතයක් තිබුණා. දර්ශනයක් ඇතිව වැඩ කළා. දැන් එහෙම නැහැ. විකමසිංහ ලකුණ පැන නැංග්ගේ විශ්ව විද්‍යාලය එක්ක නෙවෙයි. පත්තරය එක්ක. ජී.බී. අදීනත්වයත් තිබුණෙ එතැන. දැන් ඉන්නෙ ඉස්කෝලයත් ආගමත් අච්චුගහලා විකුණන කර්තෘවරු. මහින්දෙ තමයි ඉස්කෝලෙ. හැබැයි කෝ මහින්දෙන් රටට දෙන දර්ශනය. කතෘවරයෙකු ගේ දැක්ම පොතකින් එලියට පැනලා මහා විලාපයක් වෙන්න අවශ්‍යයි. රට හැදෙන්නෙ එතකොට. අනෙක් කතෘ තුමා දහම් පාසල් පොත ආපහු ලියනවා. බුද්ධ චරිතයේ නොතිබුණ ආශ්චර්යය තවත් යහමින් එකතු කරලා. පොත් විකිණෙන නමුත් රටට දෙන පණිවිඩය මොකක්ද? ලෝකෙ රටේ මහා පුවත්පත් කතුවරු ලිව්වේ මත ඇතිකරන්න. සමාජය වෙනස්කරන්න. පවතින තැනින් ටිකක් ඉස්සිලා බලන්න සමාජය යොමු කරන්න.


මේ මගම යන්නට හදන පැණි වලලූ අපේ අනාගතය ගැන ඉගි කරනවා. මහාචාර්ය ගංගානාත් ඉරිදා ලංකාදීපයට තීරු ලිපියක් ලියනවා. විහ්ව විද්‍යාල ශිෂ්‍යයන් පාඩමට එන හැටි- ජපන් මිතුරෙක් එක්ක ගුවන් තොටු පොලට යන ගමන් අපේ වාහන ධාවනය කරන හදිස්සිය සහ බලංගොඩ මානවයාගේ ගුහාව වගේ මෑතක ලිපි ඇරෙන්න එම ලිපි පෙලේ තිබුණෙ තමුංගෙ විලාසම විතරයි. පහුගිය දවසක මගුල් සංස්කෘතිය ඇති කරන්න රූපවාහිනියේ වැඩ කරන කාලේ දායක වීම ගැන පශ්චාත්තාපයක් ද තිබුණා. වරද වැටහෙන්නෙ පසුවෙලා. පැණි වලලූත් එහෙමමයි. උදා වෙලා තියෙන්නෙ පැණි වලලූ සමාජ හදන්න අවශ්‍ය කාලයක් නෙවෙයි.


ඇත්ත කියාදීපල්ලා. මේක මහා උන්මත්තක ක‍්‍රමයක්. සරදියෙල් රටක්. බලය ඇති එකා හැම තැනින්ම පැහැර ගන්නවා. බලය උන්ට. නීතිය උන්ට. රටට දැක්මක් දෙන ජනතාවගේ පැත්තෙන් හිටිය යුතු කතෘවරුන්ද සේවය කරන්නේඋන්ටමයි. ඉස්කොලෙ කොලොප්පන් ලියලා දෙන එකත් බුදු සිරිත ආපහු පිටපත් කිරීමත් වරද කිරීම හා එයට අනුබලදීම වගෙයි. පැණි වලලූ සමාජ හදන්නෙ ත් එහෙම නොවෙයි කියන්නෙ කොහොමද?


අනේ අපේ රට. රටකට ගිය කල. පැණි වලලූ සමාජ හැදීමෙන් රටට හො`දක් වෙනවාද?




හිතුවක්කාරයා

No comments: