Pages

Tuesday, June 4, 2013

නීතිය ද මේ එකෙක් බිලිගත්



කඩු ගත් රිලව් රජු වට ර ඟ නා    කළෙක

නඩු කාරයන් වෙති දුදනන් ලෙස  පසෙක

උඩු යටිකුරු කෙරෙන විපරිත වූ   දැයෙක

අඩු පාඩුවක් නැත දැන් අඳුරුය    මෙ ලක



දැරියන් කෙලෙසනා මැතිවරු යෙහෙන් වෙති

දරුවන් රකිනු බැරි මවු වරු ගැඹරට     පනිති

ගවයන් වටින බව දැක හිමි ගින්නෙහි  දැවෙති

කෙවිටෙන් ගසා බුදු බණ අදහනු           කියති



සැකපිට ගැනෙන දුගියන් හද පැලී        මැරෙයි

ඇප පිට පොහොසතුන් රෝහල තුළ  වැඡඹෙයි

අත යට කෙරුණ ගනු දෙනු දෙව ඟ න නොදනියි

අනුනට ගෙවන පව බර බව නුඹ දැන ගත යුතුමයි





හිතුවක්කාරයා

2 comments:

samakayawate said...

ඇත්ත තමයි

Sagara said...

ඇත්තමයි