Pages

Thursday, June 20, 2013

ජගත් චමිල





දක්ෂයෙක් ද අනෙ මන්දා - අරුන්දිකල ඉන්න රටේ

වයංගයක් දන්නෙම නෑ - මර්වින්කියනවා වගේ



කොහෙද ඇගේ තියෙනවාද - ඉරියව් වත් රජුට වගේ

අභිනය ගැන ඉගෙනගන්න - විරවංශ දෙස බලන්න



පරින වේශ වන ආකාරය චරිත වලට - දුමින්ද පාඩමක් වේවි

හඬ පාලනයෙන් නැග ආ - ජේ.ආර්.පී. ලැජ්ජ වේවි



හාසයෝත්පාදනයට කෙහෙලිය - අධි රංගනයට චම්පික

මෑත කාලයේ දැක්වූ දක්ෂතාව වතුරෙ ගිහින්



පේක්ෂකයො කෑගහද්දි - දී මූ වගෙ නොසැලීඉන්න

අන්යාකලාප කියා - සිරිස්න වගේ අවධානයක් ගන්න



දෙන පිටපත ලෙස කියවන - ගයන්ත වගෙ කවි කාරයො

වේදිකාව හසුරුවන්න ජන බල ඇති - රනිල් වගේ සෙන්පතිවරු



නාට්ටියක රංගන බව නොපෙනෙන ලෙස රගන - ඩලස්

එකම මේකප් එකෙන් ඉන්නා ටිල්වින් -විජිත -සෝමවංස



මෙහෙම තවත් කියන්න හැකි - අපිට ඉන්න නලූවන් ගැන

එහෙව් එකේ කුමන්තරනෙන් - අපෙ අමිලයාට තැන ගිහිල්ල



හිතුවක්කාරයා