Pages

Monday, June 24, 2013

ඇයි රත්තරන්





මිල අඩුවෙමින් යනවා රන් ලෝකෙ වටේ

ඒ අඩු මිලට අපි දුන්නොත් හොඳය වැඬේ

උන් රන් වලලූ ඇ ඳ ගෙන ආවොත් දෙවැටේ

අපේ කොල්ලො කැසිනෝ යන්නේ කෙලෙසේ



අඩු වෙන මිලට රන් අත ගා නොබලන්න

දැම්මා බද්ද රන් මිල නැග තරු විසි වෙන්න

ලෙව කන දනට අතැගිලි බැඳි එක් වෙන්න

කණ කර උකස් කර වෙයි - රන් කෙ ඳි ගන්න



බදු පිට බදු දමා පාන් නැගපි හැටකට

බදු නැති රන් කුමට විකුණන්නෙ අඩුවට

රන් මිල වැඩියි ජනයා නැගෙනු නැති රට

කරපිංචා නැටි ගහව ඇස් වෙන දෙකනට



සූරා ගෙන ගනින් අප අත       ඇති පල්ල

මෝරා නැගෙන විට එය ගෙන උන් දැගලිල්ල

කාරා කෙල ගසනු නැති නම් ගෙන දොර පොල්ල

මාරා වේසයෙන් එනු දැන් ඇති රට කෙරවිල්ල

- හිතුවක්කාරයා

4 comments:

samakayawate said...

මොනව කියන්නද ඉතින්.

keerthi raterala said...

රත්‍රං වලට බදු වැඩිකිරීමේ වාසිය ගන්නෙත් ලොක්කම තමයි. ඔය වැඩිකිරීමෙන් රන් භාන්ඩ ව්‍යාපාරිකයාට ලැබෙන ලාභයෙන් කොටසක් කප්පම් වශයෙන් අදාල පුද්ගලයින්ට ගෙවිය යුතුයි, අර වාහන වල බදු වැඩිකල අවස්ථාවේ වගේ.

nadeeka dilshan said...

sira kathawa ...

hithuwakkaraya said...

එහෙම කියන එක වැරදියි කීර්ති. බද්ද යන්නෙ පුද්ගලයාට නෙවෙයි ආණ්ඩුවට.