Pages

Wednesday, June 5, 2013

Sri Lanka


දිනමිණ ඇති කොට

ලක්බිම ද සතුවිට

රිවිර ද ලැබූ මට

රාවය නමට කුමකට



එක සේසත් කළෙමි

අවට බල රට දැහැමි

සිහිනෙනි`දු සිතමි

නුඹයැ රජ මෙම ලකඹර හිමි



සුරාවට නැත කිසි ඉඩ

සූදුව නොමැත පිල් කඩ

හැදුන තැන තැන නඩ

මරා මකවයි එරෙහි රණ හ`ඩ



අල්ලසක් හෙම ගත්තොත්

දෙපයින් ගසා එල්ලත්

යමක් කර ගනු රිසි සත්

පුදන්නේ නම් නොවෙයි දුසිරිත්



නව අත්තනුගල වනය

හම්බන්තොටට නොදුරුය

දිය - ගුවන මග නැගුමය

එයට ගත් ණය සුළුබරක්මය



යැංකියෙකු නොවීමත්

ඉන්දියාවට නොයෑමත්

චීනයෙන් ගැනීමත්

ගති රකිති අප සිරිමත්



අගනුන් සිටිති කෙළියේ

සුර පුර කේතුමතියේ

දුකට පත් වූ අව සිහියේ

පනිති ළි`දකට අකල් දිවියේ



නිසි කල පායාය සූරියා

නැත කම්පාවකට කාරියා

කළ කම් පාන දේවයා

පමා වී හෝ ලකට ඒයා



හිතුවක්කාරයා









5 comments:

itnishantha said...

sirith mal damin gaththa ekak wenta

Anonymous said...

patta... ela ela...

Sagara said...

නියමයි

Sagara said...

නියමයි

රාජ් said...

සුපිරි!