Pages

Tuesday, June 11, 2013

Weather Forecasts



පණේ    බය තියා ගොඩ  මුහුදට බැහුම

උනේ    අපිට විපතකි මහසෙන් මහිම

අනේ     අපොයි කියනා ජනයිනි රටම

විනේ    අපිට කොට උන් දුක දන්නේ කොහොම



වනේ     හතුරෙකුටවත් නොවෙනා ලෙසට

සෙනේ    බැඳි හිමි ගිහින් දියැවී කරදියට

පෙනේ   වෙන විපත් දුක උහුලන අපට

දිනේ    ඇවිත් ඇත වෙරළට වී වැලපෙන්ට



දැනේ      වියෝදුක හිත යට පුපුරන්න

හෙණේ   වගෙ ඇවිත් මෙ ලෙස පල දෙන්න

ගුණේ   කාලයට නැති පණ නල යළි එන්න

ඉනේ   රෙදි ලිහා දෙවියනි දෙස් දෙන්න











2 comments:

මාතලන් said...

Ela

shajith darshana said...

කාලෙට ගැලපෙන සරළ කවියක්...