Pages

Wednesday, March 25, 2015

රජු ඉල්ලන් කෑවේය



රජෙක් වුනත් කළකම් පළදෙනවාය
කොතෙක් නමුත් බල නැති දා බලූවේය
වැඩක් නැතත් වැඩ ඇති සේ හැසිරේය
දුකක් ඇතත් රජු ඉල්ලන් කෑවේය

යුද සෙන් පිරිවරා සතුරන් මැඩලීය
වෙද අන් කෙනෙකු මේ අප රණ විරුවාය
අද සද වෙසෙන හැටි සිහි වී ගිරුවාය
හද වත තුළ අඳුර ඇති මුත් රට කළඑළිය

ඇති කල බලය හිත මිතුරන් අත ළඟය
නැති සොහොයුරන් එක හැලියේ බත් කාය
නිති තෙරපෙමින් අත පත ගා සනසාය
මැති මෙත් සිතනු නුඹටත් එහෙමම වේය

ජනතා බලය සුළු කොට සලකන්න එපා
උගතා නූගතා ලෙස දෙකකට ඛෙදනු එපා
මහතා නන් ලෙසින් සිටියේ නම් එඩිය පපා
නවතා ලනු නොහැක තෙවරක් ලබන උපා


-හිතුවක්කාරයා   

No comments: