Pages

Friday, July 8, 2016

රට වේලට බුදිති


අනේ බලන් හිටියේ රට සැනසෙන්න
විනේ තුරන් කර සතුටින් නිදියන්න
ඇසේ තැනින් තැන දුක ජනයා වි`දින
අනේ දෙවියනේ මේ අප රැක ගන්න

උනුන් කෑ කොටා ගෙන යහතින් ඉ`දිති
ජනයා එකයි උන්නත් සැප උන් වි`දිති
මෙතුවක් එක පිලක් හැටියට හිටියේ කැමැති
දැන් බල දෙපිල තුන් පිල රට වේලට බුදිති

No comments: