Pages

Thursday, August 11, 2016

ප්‍රහාරක ගුවන් යානා අටක්


රටේ යුද්ධයක් නැති එක ගැන පාලුවට
ෆයිටර් ජෙට් අටක් ගන්නට යනවාලු
උතුර නැගෙනහිර හැර අන් හැම තැනට
ඛෙදලා දුන්නනම් ඒවා බොහොම වටී

වැට් බද්දට එහෙම නැත්නම් බඩගින්න
ඉවසා ගන්න බැරි මිනිසුන් නැගෙන විට
ක`දුළු ගෑස් රබර් උණ්ඩ මදි හින්දා
ජෙට් ගෙනැවිත් තියමු හදිසියකට ගන්ට

උණ්ඩෙන් පවා හොරකම් කළ ආණ්ඩුව
පරාජය කරන කොට කව්වේ මෙහෙමයි
සාමය සතුට ඇති මෛතී්‍ර පාලනයක් 
එහෙව් එකේ මොකටද මේ ජෙට් යානා

ඒ බස් දහය ශ්‍රී ලන්කන් ගන්නකොට
ඒවා ඇතුලෙ සැප කාමර බව පෙන්නා
අනේ අපොයි කියලා දෙස් තියපු අපි
යුද නැති රටට කොහොමද දෙස් ඉල්ලන්නේ

No comments: