Pages

Thursday, July 21, 2016

කිරිඇල්ල



දිනන්නට උදව්කළ තම        උන්නැහෙලා
උපදේශකවරු හැටියට            පත් කරලා
එකක් දෙකක් නම් හිටියැකි        ඉවසාලා
පනස් හතරක්ය රටට - කළ පව්    පලදීලා


එකෙක් බැගින් ආවොත් උපදෙස්   දෙන්න
දෙකක් මාස ගතවෙයි නිසැකය       ඔන්න
මොකක් නමුත් නරකයි වෙන්නට දෙන්න
රටක් වටින යහ තීරණයක්             ගන්න

ආයා කටු ගැහුම බල්ලන්                     නෑවීම
කලින් එකාලා වෙනුවෙන් කළ              සේම
මෙකල උපදේශකයන් කළහොත්   එහෙම
පලක් නැත රෙදි ඇඳන් කරනා       විලි වැහුම

මැදවච්චිය - ඔ්න ගොනෙකුට     යුද කෙරුම
කළ හැකි බවට වාචාලව බස්            දෙඩුම
කැම්පස් එකට අත පොවලා       ඇන ගැනුම
සම කළ නොහැක මෙව්වා    තනිකර කරුම

No comments: