කවදහරි දවසක නාමල් අසල ම ඉදගෙන
මයේ ලොකු එකා කැළණිය බබලවන
හීං හීනය පුපුරා හැලෙන්නට කලින්
මං උගේ කට ඇතුලට උණ්ඩ නැති පිස්තෝලය එබුවා
කිටි කිටියෙ ගැහෙන දත් වලින් ගිනි විසිවෙන්නේ නෑ
පවුරු පෙරලා නැගෙන අත්
දැවෙන යකඩය අතින් අල්ලන්නට හදන්නෑ
නැගෙන දොස් වාත වෙස් ගෙන හමනවාමයි
වාසුලි නගා කළඹන්නෙ එහෙමමත් කාලෙකයි
අපි අපේ මග ඇවිදිනා විට ඇවිලෙනා කටු
කුමට පාගා වධයක් යැයි සිතන්නේ
තැලෙන පෑගෙන උන් මතින් ගිනි අවුලවා
උනුන් දැවෙනා විටෙක එයින් සීතල මැකේ නම් මිස
හිතුවක්කාරයා
1 comment:
නඩුයි බඩුයි දෙකම හාන්දුන්නේගෙ කොට....වෙන කාට අච්චු කොරන්නෙයි පත් කොරාපු අපිලැත්තන්ට මිස.....ඇද්ද අපිට හූ හූ.........
Post a Comment