කාකි වෙස් ගනිති තද හිත් ඇති යක්කු
අත පය බඳිති මුවගුලු ලා තඩි බාති
සිඳිති බිඳිති නිති ජඩයන් ලෙස වෙසෙති
අප හිස නමති රැකවල්ලන් යැයි කියති
වනේ වෙසෙන තිරිසන් ගති අති නාරී
කුලේ මිනිස් බව නොදනිත්දෝ මෙම රිරී
උතුම් මිනිසුන්ව ගෙන ගල ගහලයන් සරී
යැපෙන උන් පමණක්ම ඇයි දෙයියනේ හරී
සැක කරුවන් එල්ලී කූඩුවෙ මැරෙනා
නිල බල අධමකම තරු පටි මැද දිලෙනා
පවුකාරයන් වී මිනිසුන් මැද වෙසෙනා
මෙම නිලකාරයන් වනසනු දැන් ඉතිනා
වනේ සතුන්ටත් සදහම් නීතියක් ඇත
ගහල නිල මැරයන්ට ඒවා වගක් නැත
මරණය පෙනි පෙනී යුක්තිය සොයා යන
මිනිසුනි වල කණින බැලයෝ එහි වෙසෙත
--හිතුවක්කාරයා http://hithuwakkaraya.blogspot.com
1 comment:
ගෝනා මුවා කෝකත් ඉද එක පෙළක
දානා කස්තිරං තරුපටි පැළඳ නෙක
ඕනා තරං රිදවති මනු කුලේ එක
පානා රැඟුම් මොනරිඳු හෙළුව නොමදැක
Post a Comment