Pages

Wednesday, September 22, 2010

අහිමි වීම

තාරුකාවක් වගේ දිළිහුණ කඳුලු කැටයක් කඩා වැටුණා
අපේ හිත් එකිනෙකට පැටලී තිබුණ උණුහුම බිඳුණ දා
පැහැබර අහස වාගේ පැතිරුණ හිනා රුල් ඉක්මනින් වියැකුණා
වෙන්වී ගියා වැහි පොද මැදින් කලු අන්ධකාරය පතුරා

නික්ම ගිය මොහොතේ දී ය දැණුනේ
සෙනෙහසක් කොතරම්ද අගනා
හිත අද්දරම දැවටුන හිතක සැනසුම
අහිමි වී ගිය සුවඳක්ම මිස අනෙකක් නොවනා

හිත පාරනා සුසුමක වෙලී ඝන අන්ධකාරය ඇදෙයි
නෙක හීන අහලින් යළි යළිත් පෙනී පෙනී නොපෙනෙයි
උණුහුම යැයි හිතා දැවටෙන මතක මිහිරක විනා
රන් මුදුව හිමි නමුත් ඒ මගේ හීනය නම් නෙවෙයි

1 comment:

විකී said...

සිනහ රැල් දේමය,
හිත් අගට, මතක ළඟ,
වෙන්වුවත් ප්රේේමය.............
කදුලෙහි මුහුව තිබුණද,
අමාමය ප්ර ථම ප්රේ.මය...................
පැළද ඇතිමුත් රන් මුදුව,
හද වෙළා ඇය පමණමය,
තවම, මා අසල .........................
මිහිරියාව මෙයමැයි පවසා;
වෙන්වීම මිට මොලවා ;
දුරක ගිය,
ප්රකථම ප්රේ මය...........................