Pages

Thursday, October 21, 2010

ආදරණීය ජනතාවනි ආරක්ෂාවන්න

ලියන්න එපා – කතා කරන්නත් එපා
ඇයි එහෙම කියන්නේ යැයි අහන්නත් එපා
දෙන දෙයක් කාපල්ලා
පෙන්නන දේ බලාපල්ලා

වෙන දේ ගැන හිත්නට කුමට වෙහෙසක්
නෙවෙහෙසී බර හිත දරාගෙන හිටපන්
පෝස්ටර් ගහන්නත් එපා
කියන්නට යමක් ඇත්නම් පමණක්
නම ද ගම සහිතව පින්තූරයත් දී
චිප් එකක් අරගෙන කණ පිරෙන්නට කියාපල්ලා


- හිතුවක්කාරයා

මේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය.- Chandana Sirimalwatte - https://sirimalwatte.wordpress.com
‘ආදරණීය ජනතාවනි, මම ඔබට ආදරය කරමි. ඔබ ආරක්ෂා වන්න!’

3 comments:

charmi said...

නැතුව ඉතිං. මෙදාපාර ආරක්ෂක වියදම් උනත් වැඩිකරලලු ආදරණීය ජනතාව හෙවත් අලුතින්ම දෙවියන් ලෙස අභිෂේක ලද අපේ ආරක්සාවට.

Anonymous said...

නොලියා,නොබැන,පෝස්ටර් නොගසා ඉන්න එක මහන්සි නැති වැඩක්නේ,ආයෙ පත්තු බදින්න වෙද්දු හොයන් යන්න වෙන්නෙත් නැ.

විකී said...

හිතුවක්කාරයා වෙතයි,

මම ගැමියා හී තිබූ 'රූප' ලේබලයේ පින්තූර එයින් ඉවත් කළා. නමුත් ඒවාට comments ලෙස 'හිතුවක්කාරයා' විසින් ලියන ලද කවි මා ළග සුරක්ෂිතව තබා ගත්තා. ඒවා ඔබේ අනන්‍යතාවය රැකෙන පරිදි ඉදිරියේදී සයිබර් අවකාශයේ තැනෙක ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බව කාරුණිකව සළකන්න.

මෙයට හිතවත් ගැමියා හී විකී