හෙල්පිං හම්බන්තොට -කියා හංවඩු ගසද්දී
මිනිසුන්ගේ හිත දිනූ මිනිසාය
තැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවා
හද ගිනි නිවූ දේශයේ මහරජාණන්ය
මහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණි
සිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවාය
රට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දී
නිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයාය
පරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහා
සිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතිය
දරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳ
නිබඳ දුක සැප සොයන නිරිඳාය
ඔහු කෙරේ පක්ෂපාතීන් වට වී දරු රකින ලෙද
අසැබි වෙබ් - මඩ නාන විට සිනාසෙන සේය
බේද හැර එක රටක්- එක දේශයක් බව කියත
එද සියලූ පක්ෂ බිඳ තම බලය පතුරවන වෙර ගනිත
යුධ අධිකරණ පනවන බව කියා එඩි නසන මුත්
ලොව පුරා අබිමානයෙන් සැරිසරන ලකිසුරුය
රුහුණු රට මුහුදු තෙර කළඹවා වෙන වරායක් තැනූ
එහි පළමු නැව යවා කුරහනින් සනසවන මිනිසාය
අත්තල නගා හිනැහුන දනන් වෙත රවා නොසැලී
මත්තල ගුවන් තොට ඉදි කර එයින් නැගෙනා -නරපතිය
මතට තිත බව කියා හෙළ උරුමය සමග රට ම කැළඹීය
ඒ හෙළ උරුමයම කැසිනෝ වෙනුවෙන් බිලිදුන් නායකයාය
එහි මහා සෝබනයක් ඇතැයි කීවත් නොසැලෙනා සේ
ගමින් ගම යමින් දුගී දන වෙත නැමී දුක අසන දිනිදාය
මම මටය මමම හැර වෙන යමෙකු නැති වෙන ලෙසට
දහ අට ගෙනා එහි ජය අතට ගත් ජනපතිය
මෙවැනිම ගමන්ආමර් වීදිය තෙක් ගිය රජුන් දැක
මහ මග කිරිබත් පිසූ දන වෙසෙන රට ම බව දන්නීද?
-හිතුවක්කාරයා
2 comments:
ඒක දැනගෙන හිටපු මනුස්සයා මළා හිතුවක්කාරයා. ඔය ඉන්නෙ වෙන මිනිහෙක්.
(අපි ඇතුලෙත් ඔය වගේ තව කීයක් ඉන්නවද දන්නෙ නෑ නේද?)
අන්තිම කොටසටයි මම වැඩියෙන්ම කැමති..
Post a Comment