Pages

Tuesday, March 1, 2011

හම්බන්තොට

නිකං වේලි වේලී තිබුන බිම කොටා
වරායක් හැදුවා
දැං නැවක් නොඑන්නේ මන්ද?

ගංජා හේනක් තිබුණ තැන පුලූස්සා
කි‍්‍රකට් පිට්ටනියක් හැදුවා
ලෝක කුසලානෙට පස්සෙ මැච් එයිද?

මත්තල ගුවන් තොටුපොළක් හැදෙනවා
අහස විතරක් ද හිමි අපට
පිට පාරෙ රට යන්න බැරි ඇයිද?

- හිතුවක්කාරයා

2 comments:

සරත් ලංකාප්‍රිය said...

නැව් ආවත් නැව් නාවත් චීනෝ හදපු හාබරේට
ගුවන් යාන නොම ආවත් අපි හදාපු ගුවන් තොටට
කිරිකැට් ආවත් නැතුවත් මින් පස්සේ පිට්ටනියට
කොච්චර ආඩම්බරේද ඕව ඔහොම තියෙන රටට ?

Charmi said...

හ්ම්... ඒකනං හොඳම ප්‍රශ්නයක්.