Pages

Thursday, October 6, 2011

කොළඹ


රටම නැති වුණත් කොළඹට පෙම් බැන්ද
තනිව වන සරණ වන අලියා හැට පැන්න
ගොසින් රඹුක්කන යායට ඇරලන්න
හතුරනි - මිතුරු කම අවුලා එක්වන්න

පොලේ ගොස් වලං බිඳ - බිඳකදු පලක් නොවී
දිනෙන් දින පලා යන ජවයට නිගා දුනි
රථ පෙළපාලි පිකටිං තර්ජන හෑලී
ගත ගිණිතියා දිවිදුන් නමට ද දුකකි

මාගම දෙසින් ආ නිල් දිය රළ පහර
දෙගොඩතලා රට වටකර යන කලට
මැරී එහිම පාවී යන ඇත් කුණක
ගැලී එහිම නොවැද ව - යන සයුර වෙත


-හිතුවක්කාරයා

4 comments:

මාතලන් said...

කවිය නිසා දෙන්න හිතයි. එච්චරට ලස්සනයි.....

මාතලන් said...

ඔබේ නිර්මාණය මගේ සින්ඩියට එකතු කළා. ඒක මගේ නිර්මාණ එකතුවක්.

Loku John said...

අනෙ එහෙමම දොස් කියන්න එපා මෙ අහිංසකයට

Loku John said...

අනෙ එහෙමම දොස් කියන්න එපා මෙ අහිංසකයට